තායිලන්තයේ බැංකොක්හි දී පැවති ‘තායිලන්ත Smart City Expo 2024’ සඳහා සහභාගිවීම වෙනුවෙන් පහසුකම් සැලසීමට තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.
තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව මේ සඳහා පහසුකම් සලසා තිබෙන අතර, තායිලන්ත Smart City Expo 2024 ප්‍රදර්ශනය පසුගිය 06 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ ප්‍රදර්ශනය තායිලන්තයේ ඩිජිටල් ආර්ථික ප්‍රවර්ධන නියෝජිතායතනය (DEPA) සහ N.C.C කළමනාකරණ සහ සංවර්ධන ආයතනය එක්ව සංවිධාන කර තිබේ. Management and Development Co Ltd, ස්මාර්ට් නගර නවෝත්පාදන සහ නැඟී එන තාක්ෂණයන් සඳහා කැප වූ අග්නිදිග ආසියාවේ විශාලතම ප්‍රදර්ශනය ලෙස කැපී පෙනේ.
තායිලන්ත ස්මාර්ට් සිටි එක්ස්පෝ 2024 ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්, නවෝත්පාදකයන් සහ කර්මාන්ත නායකයන් එක්ව ස්මාර්ට් විදුලි සංදේශ, බලශක්ති, ජීවන, කර්මාන්ත සහ සිල්ලර වෙළෙඳාම, සංචලනය, පරිසරය සහ සෞඛ්‍ය සේවා වැනි තීරණාත්මක ක්ෂේත්‍ර හරහා ස්මාර්ට් නගර විසඳුම් ඉදිරියට ගෙන යෑම කෙරෙහි මෙහිදී අවධානය යොමු කර තිබේ.
සාමූහික ප්රයත්නයන් තුළින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වසරේ එක්ස්පෝහි ශ්‍රී ලාංකික ප්‍රදර්ශකයන් සඳහා ප්‍රදර්ශන කුටි සාර්ථකව ඉදිරිපත් කර තිබෙන අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Venora Lanka Power Panels (Pvt) Ltd සහ Azend Technologies (Pvt) Ltd යන ආයතන මේ ප්‍රදර්ශනයට සහභාගිවී ඇත.
එහිදී ස්මාර්ට් බලශක්ති කළමනාකරණය, ස්වයංක්‍රියකරණය සහ විදුලි සංදේශ යන ක්ෂේත්රවල නව්‍ය විසඳුම් ප්‍රදර්ශනය කර තිබේ.
මහින්ද අලුත්ගෙදර