හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වනපරිදි තම ආයතනවල සේවකයින්ට නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙසරාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් පෞද්ගලික අංශයේ ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත්කර තිබේ.
ඒ පිළිබඳව පැහැදිලි කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර පැවසුවේ, මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සහ අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර විසින් අදාළ නිවේදනය නිකුත් කර ඇති බවයි.
එමෙන්ම මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඡන්දහිමි සියලුම රටවැසියන්ගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමට හැකි ඔවුන්ගේ ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත් මෙවර ඡන්දය හිමි සියලුම උසස් පෙළ සිසුන්ට ද ඔවුන්ගේ ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරු සැලකිලිමත් වියයුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
“හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්දය සලකුණු කිරීමට හැකිවන ආකාරයට සියලුම පෞද්ගලික අංශයේ ආයතනත් බැංකු ක්ෂේත්‍රයෙත් සියලුමදෙනාගෙන් ඉල්ලා සිටිනවා… කරුණාකරලා තමන්ගේ කාර්යාලයේ සේවය කරන නිලධාරීන්ට ඔවුන්ගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමට හැකි ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස. විශේෂයෙන්ම දුර අනුව නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් දැනුම්වත් කරලා තියෙනවා.”
“331,000ක් පමණ වන, වයස අවුරුදු 18ට වැඩි මේ රටේ තරුණයන් සියලුමදෙනා ඡන්දය භාවිත කරන අය. ඔවුන්ට ඡන්දය භාවිත කිරීමට හැකි වන පරිදි ඔබගේ පංති සැලසුම් කරගන්න. මේක ඔවුන්ගේ අයිතියක්. ඒ සඳහා ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න.”