Wednesday, April 23, 2025
Home » දඹුල්ලේ ගස් උඩ නැග මැච් බැලීමට තහනමක්

දඹුල්ලේ ගස් උඩ නැග මැච් බැලීමට තහනමක්

by chanaka
November 13, 2024 4:11 pm 0 comment

දඹුල්ල ජාත්‍යාන්තර ක්‍රිඩාංගනයේ දී තරග පැවැත්වෙන අවස්ථාවල ක්‍රීඩාංගනයේ එෆ් කොටසේ ඇති ගස් මත නැගී තරග නැරඹීමට ප්‍රේක්ෂකයින් පෙළඹීම හේතුවෙන් ඇතිවන ඉතා අනාරක්ෂිත තත්ත්වයන් පාලනය කිරීමට ක්‍රීඩාංගනයේ පාලන අධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම ගස් මතට නැගීම අවහිර කරන බාධක ඉදිකිරීමටත් දැන්වීම් පුවරු ප්‍රකාශයට පත් කරමින් එම අනතුරුදායක කටයුත්ත වැළැක්වීමටත් ක්‍රීඩාංගන පාලන අධිකාරිය අද(13) පැවැත්වෙන ශ්‍රී ලංකා නවසීලන්ත එක්දින තරගයේ සිටම ක්‍රියාත්මක වනු ඇත.

මේ වනවිට එම කොටසේ පවතින කොහොඹ ගසක් ඉවත් කර ඇති බවත්, ප්‍රේක්ෂකයින් වැඩිපුරම නැගීමට කැමැත්තක් දක්වන මයිල ගස ද මේ වනවිට කඩා වැටීමේ අවදානමකට ලක් වී තිබෙන බවත් ක්‍රීඩාංගන පාලන අධිකාරිය පවසයි.

ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ද ක්‍රීඩාංගන පාලන අධිකාරියේ වගකීමක් බව පාලන අධිකාරිය පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT