Home » ප්‍රශ්නගත E8 වීසා රැකියා ගැන මෙන්න විශේෂ දැනුම් දීමක්

ප්‍රශ්නගත E8 වීසා රැකියා ගැන මෙන්න විශේෂ දැනුම් දීමක්

by chanaka
November 13, 2024 1:20 pm 0 comment

ප්‍රශ්නගත දකුණු කොරියානු E8 කාණ්ඩයේ රැකියා සඳහා බඳවාගැනීම් හා පිටත්කිරීමේ ක්‍රමවේදය ඉතාම සූක්ෂමව අධ්‍යනය කරමින්, එය නීත්‍යානූකූල කිරීමේ හැකියාව සොයාබලන බව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. පසුගිය කාලයේදී ඊට අදාලව අත්සන් කර ඇති ගිවිසුම නීත්‍යානූකූල නොවන බවත්, ඒ සම්බන්ධව නිකුත්කර තිබු චක්‍රලේඛ යලි අවලංගුකර තිබෙන බවත් ඔහු සඳහන් කරයි.

E8 වීසා සහිත රැකියා අයත්වෙන්නේ සෘතුමය රැකියා (Seasonal Jobs) කාණ්ඩයට වන අතර, මාස 5ක පමණ කාලයකට කොරියාවේ කෘෂි හා ධීවර අංශයේ රැකියා කිරීමට ඉන් අවස්ථාව ලබාදී තිබේ. මෙම රැකියා සම්බන්ධව පසුගිය කාලයේදී අත්සන් කර ඇති ගිවිසුම රාජතාන්ත්‍රික නොවන බැවින් එය කොරියානු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මස 03වෙනි දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයෙකුගේ අත්සනින් නිකුත් කරන ලද චක්‍රලේඛය සැප්තැම්බර් මස 23 වෙනි දින යලි අවලංගු කර තිබේ.

ඒ අනුව මේ වන විට මෙම රැකියා සඳහා කිසිදු නීතිමය වලංගුභාවයක් නොමැති අතර, පසුගිය දිනවල විවිධ පාර්ශව සිදුකරන ලද චෝදනා සත්‍යයෙන් තොර බවද සභාපතිවරයා ප්‍රකාශ කරයි. අදාල පාර්ශව විසින් කාර්යාංශයට චෝදනා කර ඇත්තේ වර්තමානයේදී මෙම රැකියා අවස්ථා අහිමි කර ඇති බවයි. එවැනි කිසිදු දෙයක් සිදුවී නොමැති බවත්, ගිවිසුම බලාත්මක නොවු බවත්, රැකියා අවස්ථා නීත්‍යානූකූල නොවූ බවත් කෝශල වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

මේ අතර මෙම රැකියා සඳහා යම් යම් රැකියා එජන්සි ආයතන මුදල් ලබාගැනීම හා ගමන් බලපත්‍ර එකතුකිරීම සිදුකරන බවට වාර්තා වී ඇති අතර, එය නීතිවිරෝධි බවද ඔහු කියා සිටියි. එවැනි පුද්ගලයන්ට හෝ ආයතනවලට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වැලකී සිටින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT