Home » තානාපති කාර්යාලවල පත්කිරීම් ගැන සෙවීමට කමිටුවක්

තානාපති කාර්යාලවල පත්කිරීම් ගැන සෙවීමට කමිටුවක්

by chanaka
November 13, 2024 12:20 pm 0 comment

විදේශවල පිහිටි මෙරට තානාපති කාර්යාලවලට කම්කරු සුබසාධන නිලධාරීන් පත් කිරීමේදී ඔවුන් තොරාගත් ආකාරය නිවැරදිදැයි පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කර තිබේ.

කම්කරු අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය කාලයේ සිදු කළ එම පත් කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවය.

ඔවුන් ඒ සඳහා තෝරා ගැනීම විනිවිදභාවයකින් සිදු නොවූ බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් රැඳී සිටින මැදපෙරදිග කලාපීය රටවල් ජපානය හා දකුණු කොරියාව වැනි රටවල් ගණනවක පිහිටි තානාපති කාර්යාල සඳහා කම්කරු සුබසාධන නිලධාරීන් පත් කර ඇත්තේ එම රටවල සිටින මෙරට ශ්‍රමිකයින්ගේ ගැටලු විසඳීම සඳහාය.

එහෙත් එම නිලධාරීන් පත් කිරීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට කරුණු වාර්තා වන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

අදාළ විමර්ශනයෙන් හෙළිවන කරුණු පදනම් කර ගනිමින් තානාපති කාර්යාලවල සිටින කම්කරු නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව ද කම්කරු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT