Home » ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම්ගේ වැඩ තහනම්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම්ගේ වැඩ තහනම්

by chanaka
November 13, 2024 12:14 pm 0 comment

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ වැඩ තහනම් කරන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබේ.

ඔහු සම්බන්ධයෙන් ප්‍රමාදයකින් තොරව සුදුසු පියවර ගන්නා ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාට පසුගිය දා විද්‍යුත් තැපෑලෙන් එම ඉල්ලීම සිදු කර ඇති බව වාර්තා වේ.

ඔහුට එල්ල වී ඇති මූල්‍ය අක්‍රමිකතා ඇතුලු ආචාර ධර්ම කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙම දැනුම් දීම සිදු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT