Home » ගම්මැද්දේගොඩට කුඩු විකුණූ දෙදෙනෙක් එස්.ටී.එෆ්. දැලේ

ගම්මැද්දේගොඩට කුඩු විකුණූ දෙදෙනෙක් එස්.ටී.එෆ්. දැලේ

-එක් සැකකරුවෙක් ඩුබායි සිට පැමිණි අයෙක්

by sachintha
November 12, 2024 1:30 am 0 comment

රජ්ගම ගම්මැද්දේගොඩ ප්‍රදේශයේ මත්කුඩු අලෙවි කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ බව එම කාර්යාංශය පැවසීය.

ඒ අනුව ගම්මැද්දේගම රජ්ජම පුද්ගලයකු අයිස් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 680ක් සමඟ ද වෙළපහළ ගම්මැද්දෙගොඩ පදිංචි තවත් අයකු අයිස් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 830ක් සමඟ ද අත්අඩංගුවට ගත් බව එම කාර්යාංශය සඳහන් කළේය. ඒ සමඟම තරාදියක් හා වටිනා ජංගම දුරකතන දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයන්ගෙන් අයකු ඩුබායි සිට ලංකාවට පැමිණි අයකු බවත් ඔවුන් මහා පරිමාණයෙන් මත්කුඩු අලෙවි කරමින් දරු පරපුර වනසමින් ජනතාවට හිරිහැරයක් වී තිබූ පුද්ගලයන් බවත් ජනතාව පවසන බව එම කාර්යාංශය කීය. මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පසුගියදා (9) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බව රජ්ගම පොලීසිය පැවසීය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ සම්මු ගයාන් සම්පත් (34), කලුමුනි කවිශාර ද සිල්වා (26) නමැති දෙදෙනෙකි.

ගාල්ල දිස්ත්‍රික් සංචාරක – ධර්මදාස සිරිවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT