Home » අවසන් රැළියේ දී රිෂාඩ් සහ කාදර්ගේ අධාරකරුවන් යකා නටයි – දෙදෙනෙකුට තුවාල

අවසන් රැළියේ දී රිෂාඩ් සහ කාදර්ගේ අධාරකරුවන් යකා නටයි – දෙදෙනෙකුට තුවාල

by yasara
November 12, 2024 11:13 am 0 comment

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් අතර ගැටුමක් හට ගෙන තිබෙයි.

ඊයේ (11) රාත්‍රියේ වවුනියාව, පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ ඇති වූ එම ගැටුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වවුනියාව පොලීසිය පවසයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ අවසන් ප්‍රචාරණ රැලිය පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ පැවති අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රචාරණ රැස්වීමක්ද අදාළ ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තීබී ඇත.

රැස්වීම වෙනුවෙන් රිෂාඩ් බදියුදීන් මහතා හා ඔහුගේ ආධාරකරුවන් ගමන් කරමින් සිටියදී මස්තාන් මහතාගේ ආධාරකරුවන් රිෂාඩ් බදියුදීන් මහතා ගමන්ගත් වාහනය වෙත පහරදී ඇති බව මේ වන විට වාර්තා වෙයි.

අදාළ අවස්ථාවේ ආධාරකරුවන් දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති අතර,වවුනියාව පොලීසිය හා නෙලුක්කුලම පොලීසිය මැදිහත්ව ගැටුම සමතයකට පත්කර ඇත.

ගැටුමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය හා නෙලුක්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලැබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT