විද්‍යා පීඨ ගුරු පුහුණුව ලබන ගුරු සිසුන් (ගුරු අභ්‍යාසලාභීන්) සඳහා ක්‍රීඩා අධ්‍යාපනය පිළිබඳව දැනුම අවබෝධය ලබාදෙන සුහද ක්‍රීඩා තරගාවලියක් පසුගියදා වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේදී පැවැත්විණි.
වාර්ෂිකව පැවැත්වෙන ක්‍රීඩා තරගාවලියට අමතරව විශේෂ පුහුණු ක්‍රීඩා තරගාවලියක් ලෙස පැවැත්වුණු මෙම පුහුණු හා සුහද ක්‍රීඩා තරගාවලියට විද්‍යා පීඨ ගුරු සිසු සිසුවියන් 900ක් පමණ සහභාගී වූ බවද පීඨාධිපති ප්‍රියන්ත සුබසිංහ ආරච්චි මහතා පැවැසීය.
අංග සම්පූර්ණ ගුරු පුහුණුවක් ලබා පාසලට පත්ව යන විද්‍යා පීඨ ගුරුවරයාට ක්‍රීඩා අධ්‍යාපනය පිළිබඳව දැනුමක් අවබෝධයක් ලබා දීම මෙහි අරමුණ බවද පීඨාධිපති ප්‍රියන්ත මහතා පැවැසීය. විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා ගණිත ගුරු පුහුණුව, තාක්‍ෂණ අංශ වැනි විවිධ විෂයන් යටතේ පුහුණුව ලබන සියලුම ගුරු අභ්‍යාසලාභීන් මෙම ක්‍රීඩා තරග අංශ සඳහා සහභාගී විය.
විද්‍යා පීඨාධිපතිතුමා ඇතුළු කථිකාචාර්ය මණ්ඩල යටතේ කථිකාචාර්ය චාරිකා දමයන්ති මහත්මිය ප්‍රධාන සහාය මණ්ඩල උපදේශකත්වය යටතේ මෙම ක්‍රීඩා අධ්‍යාපන ගුරු පුහුණු වැඩසටහන පැවැත්විණි.
වතුරුගම සමූහ – කේ.කේ.එස්. ආරියදාස