Home » ඉපැරැණි පිළිම 2ක් සහ අශ්ව අනුරුවක් විකිණීමට ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට

ඉපැරැණි පිළිම 2ක් සහ අශ්ව අනුරුවක් විකිණීමට ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට

by sachintha
November 12, 2024 1:30 am 0 comment

පුරාවිද්‍යා වටිනාකමින් යුත් දේව පිළිම දෙකක් සහ අශ්ව අනුරුවක් රුපියල් එක් ලක්ෂ පනස්දාහක මුදලකට විකිණීමට සන්තකයෙහි තබා ගෙන සිටි පුද්ගලයකු අත්තනගල්ල දෙහිඇල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

සැකකරු යටියන්තොට, ගරතොට ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කුලී වැඩ කරනු ලබන අයෙකු බව පොලීසිය පවසයි.

කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්, අපරාධ නිවාරණ සංචාරයෙහි නිරතව සිටියදී ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට සිදු කළ පරීක්ෂාවේදී ඔහු සන්තකයෙහි තිබී මෙම භාණ්ඩ සොයා ගත් බව පොලීසිය කියයි.

ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති කෝසල ලියනආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන මධුරංග සහ වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු සැරයන් පුෂ්පානන්ද ( 2926), කොස්තාපල්වරුන් වන දිල්ෂාන් (24328) සහ පබුෂාන් (106551) යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා අත්තනගල්ල පොලිස් ස්ථානය වෙත භාර දීමට පියවර ගෙන ඇත.

ගම්පහ අතිරේක, ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT