Home » ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්නේ නෑ

ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්නේ නෑ

-රජය ප්‍රකාශ කරයි

by sachintha
November 11, 2024 12:17 am 0 comment

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු සැලසුමක් හෝ ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් එසේ කිරීම නව රජයේ ප්‍රතිපත්ති හා අනුකූල නොවන බවත් රජය ප්‍රකාශ කරයි. ඒ බව සඳහන් කරමින් සැප්තැම්බර් මස 27 වැනිදා අංක 2403/53 දරන අති විශේෂ ගැසට් පත්‍රයක්ද රජය නිකුත් කර තිබේ.

Òපොහොසත් රටක් – ලස්සන ජීවිතයක්Ó යන නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පෝෂණයෙන් පිරුණු ළමා පරපුරක් ව්‍යාපෘතිය යටතේ පෝෂ්‍යදායී ආහාර, අවශ්‍යතා ඇති පවුල් සඳහා ලබාදීම රජයේ ප්‍රමුඛතාවක් වන අතර එම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ආයතනික හා යටිතල පහසුකම් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම දැනටමත් සිදු කරමින් පවතියි.

පෝෂ්‍යදායී ආහාර සැපයීම ඇතුළු සමස්ත ළමා සෞඛ්‍ය වැඩිදියුණු කිරීම සඳහා නව රජය කැපවී සිටියි.

දරුවන් හා ගැබිනි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායිව ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වඩාත් ශක්තිමත් හා කාර්යක්ෂම ආයතනයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාමාර්ගයක් කඩිනමින් ගනු ලබන බවටත් රජය පවසයි.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT