66
ඇල්බට් එදිරිසිංහ ශූරතා කුසලාන රාජකීය – මහින්ද වාර්ෂික පාපන්දු තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය ගෝල 2-0ක් ලෙසින් පරදමින් තම සිවුවැනි ජය ලැබීමට ගාල්ල මහින්ද විද්‍යාලය පෙරේදා (27) සමත්විය.
කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩාංගණයේ පැවැති මෙම පාපන්දු තරගයේ තෙවැනි මිනිත්තුවේදී ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉදිරිපෙළ ක්‍රීඩක හිරුන් මිරාෂ පළමු ගෝලය වාර්තා කළ අතර, පළමු භාගය නිමාවන විට ගෝල 1-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත් විය.
තරගයේ 63 වැනි මිනිත්තුවේදී ගාල්ල විද්‍යාලය දෙවැනි ගෝලය වාර්තා කළ අතර එය ද ඉදිරිපෙළ ක්‍රීඩක හිරුන් මිරාෂගේ නමින් ලියැවිණි.