Home » නව­සී­ලන්ත-ශ්‍රී ලංකා විස්සයි20 තර­ගා­ව­ලිය අද රංගිරි දඹුලු ක්‍රීඩාං­ග­ණ­යේදී ඇරැඹේ

නව­සී­ලන්ත-ශ්‍රී ලංකා විස්සයි20 තර­ගා­ව­ලිය අද රංගිරි දඹුලු ක්‍රීඩාං­ග­ණ­යේදී ඇරැඹේ

ලෝකයේ මුල් එක්දින කණ්ඩා­යම් තුන අත­රට පැමි­ණීම අපේ සැල­සු­මයි - නායක චරිත් අස­ලංක

by damith
November 9, 2024 1:20 am 0 comment

ප්‍රින්ස් ගුණ­සේ­කර රංගිරි දඹුලු ක්‍රීඩාං­ග­ණයේ සිට ..

සංචා­රක නව­සී­ලන්ත පිල හා ශ්‍රී ලංකාව අතර තරග දෙක­කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලිය අද (9) රංගිරි දඹුලු ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ. එහි පළමු තර­ගය අද රාත්‍රි 7ට ආරම්භ වීමට නිය­මිත අතර, දෙවැනි තර­ගය හෙට (10) රාත්‍රියේ දඹු­ල්ලේ­දීම පැවැත්වේ. මේ වස­රේදී මෙරට පැවැ­ත්වෙන අව­සන් විස්සයි20 ජාත්‍ය­න්තර තර­ගා­ව­ලිය මෙය බැවින් සියලු දෙනා මේ කෙරෙහි විශාල උන­න්දු­ව­කින් පසු වේ.

ශ්‍රී ලංකා විස්සයි20 හා එක්දින නායක චරිත් අස­ලංක ඊයේ රංගිරි දඹුලු ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පැවැති මාධ්‍ය හමු­ව­කදී පැවැ­සූවේ අයි­සීසී එක්දින ශ්‍රේණි­ගත කිරීමේ මුල් කණ්ඩා­යම් 3 අත­රට පැමි­ණීම තම කණ්ඩා­යමේ අපේ­ක්ෂාව බවයි. ඒ සඳහා එක දිගට තරග ජය­ග්‍ර­හණ වැද­ගත් බැවින් මෙම තර­ගා­ව­ලියේ ජය­ග්‍ර­හ­ණය අපේ­ක්ෂා­වෙන් පසු­වන බව හෙතෙම පැවැ­සීය.

“අපි මෑත­කදී ජය­ග්‍ර­හණ අත­රට පැමි­ණුනා. ඒ නිසා එකම කණ්ඩා­ය­මක් දිග­ටම ක්‍රීඩා කරන්න වුණා. කොහොම වුණත් හොඳම ක්‍රීඩ­ක­යින් 11 තර­ග­යට එක් වේවි. තරග දිග­ටම ජය­ග්‍ර­හ­ණය කිරීම වැද­ගත්. අයි­සීසී එක්දින ශ්‍රේණි­ගත කිරීමේ මුල් කණ්ඩා­යම් 3 අත­රට පැමි­ණීම අපේ සැල­සු­මයි. ඒකට හොඳම ක්‍රීඩ­ක­යින් 15ක් විතර මේ වසර තුළදී හදා ගන්න අව­ශ්‍යයි. 2014ට කලින් අපි ගොඩක් අයි­සීසී තර­ගා­ව­ලි­ව­ලදී අව­සන් තර­ග­යට පැමිණි කණ්ඩා­ය­මක්. ඒ තැනට යළි එන්න අපි කැප වෙනවා“ චරිත් අස­ලංක පැවැ­සීය.

නව­සී­ලන්ත විස්සයි20 නාය­කයා ලෙස මෙම සංචා­ර­යට එක්ව සිටින මිචෙල් සැන්ට්නර් පව­සන්නේ සාර්ථක ඉන්දීය සංචා­ර­ය­කින් පසු ශ්‍රී ලංකා­වට පැමිණ දස්කම් අත­රට පැමි­ණීම අපේ­ක්ෂාව බවයි. එහෙත් ශ්‍රී ලංකා දඟ පන්දු පිළි­බඳ විශේෂ අව­ධා­න­ය­කින් ක්‍රීඩා කිරීම වැද­ගත් බව ඔහු පෙන්වා දුන්නේය. “ශ්‍රී ලංකා පිල ගොඩක් හොඳ කණ්ඩා­ය­මක්. කො‍දෙව් පිල ඔවුන් පරා­ජය කළා. අපේ යොවුන් ක්‍රීඩ­ක­යින් කිහි­ප­දෙ­නකු ඉන්නවා. හොඳ තර­ග­ය­ක්දී­ මට අපි සූදා­නම්“ සැන්ට්නර් පැවැ­සීය.

නව­සී­ලන්ත පිල හා ශ්‍රී ලංකාව අතර ද්විපා­ර්ශ්වික විස්සයි20 තර­ගා­වලි 9ක් පවත්වා ඇති අතර, ශ්‍රී ලංකාව ඔවුන් සමඟ වසර11කින් තර­ගා­ව­ලි­යක් ජය ගෙන නැත. එබැ­වින් මෙවර තර­ගා­ව­ලිය ජය ගැනීම එකම අපේ­ක්ෂාව වී තිබේ. කණ්ඩා­යම් දෙක විස්සයි20 තරග 23කට මුහු­ණදී එයින් තරග 13ක් නව­සී­න්තය ජය­ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව තරග 7ක ජය තහ­වුරු කර ගත්තේය. තර­ග­යක් විසඳුම­කින් ‍තොරව අව­ස­න්වෙද්දී තරග 2ක් ලකුණු සමවී ජය තීර­ණය විය. දෙපිල අව­සන් වරට මුණ­ගැ­සුණේ පසු­ගිය වසරේ වන අතර එහිදී නව­සී­ල­න්තය තරග 2-1කින් තර­ගා­ව­ලිය ජය ගත්තේය.

පසු­ගිය දින කිහි­පය පුරා දඹුල්ල අවට ප්‍රදේ­ශ­යට වර්ෂා­වෙන් බාධා එල්ල වූවත් තරග පැවැ­ත්වෙන හෙට සහ අනිද්දා (10 වැනිදා) එවැනි බාධා එල්ල වීමක් නොවනු ඇතැයි කාල­ගුණ අනා­වැකි ප්‍රකාශ කොට ඇත.

නව­සී­ල­න්තය ඉන්දි­යා­වට එරෙ­හිව සාර්ථක ටෙස්ට් තර­ගා­ව­ලි­යක් නිමා කර­මින් ඔවුන් 3-0කින් ඉන්දි­යාව අතුගා දැමීය. විශේ­ෂ­යෙන් විස්සයි20 ආකෘ­තියේ, ඉහළ මට්ට­මක් පෙන්නුම් කළද, ශ්‍රී ලංකා­වට එරෙහි දස්ක­මහ් දැක්වීම ලෙහෙසි පහසු නොවේ. ශ්‍රී ලංකා පිල ක්‍රිකට් ආකෘති තුනේම ඉහළ ජය­ග්‍රණ භුක්ති විඳි­මින් සිටී. පසු­ගි­යදා බට­හිර ඉන්දීය කොදෙව් පිලට එරෙ­හිව තර­ගා­වලි ජය­ග්‍ර­හ­ණ­ය­කින් පසු ශ්‍රී ලංකා පිල නව­සී­ල­න්තය හමුවේ.

ශ්‍රී ලංකාව සහ නව­සී­ල­න්තය අතර තරග‍යේ කාසියේ වාසිය ඉතා වැද­ගත් වන අතර, තර­ගය ඉදි­රි­යට යන විට පිති­ක­ර­ණ­යට පාරා­දී­ස­යක් වනු ඇතැයි අනා­වැකි පළවේ. එබැ­වින් කාසියේ වාසිය දිනා­ගත් නාය­කයා පළ­මු­වෙන් පන්දු යැවී­මට ඉඩ ඇත. නව­සී­ලන්ත පිලේ හොඳම පිති­ක­රුවා ලෙස සැල­කෙන ග්ලෙන් ෆිලිප්ස්ට විශාල පහ­ර­වල් එල්ල කිරීමේ හැකි­යාව පව­තින අතර, ඔහුගේ විස්සයි20 ආකෘ­තියේ සාමාන්‍ය 32.89 කි. පිලිප්ස් මීට පෙර ශ්‍රී ලංකා­වට එරෙ­හිව ලකුණු 104ක් ලබා ගත්තේය.

පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා පිලේ බල­පො­රො­ත්තු­වක් බවට පත්ව තබේ. පැතුම් නිශ්ශංක තමාට වාසි­දා­යක ලෙස වේගය භාවිත කර­මින් ඉහළ පෙළේ ආර­ම්භක පිති­ක­රු­වෙකු බවට පත්වී ඇත. ඔහු මෙම ආකෘ­තියේ සාමාන්‍ය 28.71ක් ලෙස ක්‍රීඩා කර­මින් සිටින අතර, අව­සන් විස්සයි20 ඉනිම තුනේදී (බට­හිර ඉන්දීය කොදෙ­ව්වන්ට එරෙ­හිව) ලකුණු 11, 54 සහ 39 රැස් කළේය.

ශ්‍රී ලංකාව‍ට එදි­රිව නව­සී­ලන්ත හොඳම පන්දු යවන්නා ලෙස මිචෙල් සැන්ට්නර් පත්ව සිටින අතර, වනිඳු හස­රංග නව­සී­ල­න්ත­යට හොඳම හිස­ර­ද­යක් වනු ඇත.

ශ්‍රී ලංකා විස්සයි20 සංචි­තය – චරිත් අස­ලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දි­මාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජ­පක්‍ෂ, වනිඳු හස­රංග, දුනිත් වෙල්ලා­ලගේ, මහීෂ් තීක්‍ෂණ, චමිඳු වික්‍ර­ම­සිංහ, ජෙෆ්රි වැන්ඩර්සේ, නුවන් තුෂාර, මතීෂ පති­රණ, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT