සංචාරක නවසීලන්ත පිල හා ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය අද (9) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. එහි පළමු තරගය අද රාත්‍රි 7ට ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි තරගය හෙට (10) රාත්‍රියේ දඹුල්ලේදීම පැවැත්වේ. මේ වසරේදී මෙරට පැවැත්වෙන අවසන් විස්සයි20 ජාත්‍යන්තර තරගාවලිය මෙය බැවින් සියලු දෙනා මේ කෙරෙහි විශාල උනන්දුවකින් පසු වේ.
ශ්‍රී ලංකා විස්සයි20 හා එක්දින නායක චරිත් අසලංක ඊයේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූවේ අයිසීසී එක්දින ශ්‍රේණිගත කිරීමේ මුල් කණ්ඩායම් 3 අතරට පැමිණීම තම කණ්ඩායමේ අපේක්ෂාව බවයි. ඒ සඳහා එක දිගට තරග ජයග්‍රහණ වැදගත් බැවින් මෙම තරගාවලියේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් පසුවන බව හෙතෙම පැවැසීය.
“අපි මෑතකදී ජයග්‍රහණ අතරට පැමිණුනා. ඒ නිසා එකම කණ්ඩායමක් දිගටම ක්‍රීඩා කරන්න වුණා. කොහොම වුණත් හොඳම ක්‍රීඩකයින් 11 තරගයට එක් වේවි. තරග දිගටම ජයග්‍රහණය කිරීම වැදගත්. අයිසීසී එක්දින ශ්‍රේණිගත කිරීමේ මුල් කණ්ඩායම් 3 අතරට පැමිණීම අපේ සැලසුමයි. ඒකට හොඳම ක්‍රීඩකයින් 15ක් විතර මේ වසර තුළදී හදා ගන්න අවශ්‍යයි. 2014ට කලින් අපි ගොඩක් අයිසීසී තරගාවලිවලදී අවසන් තරගයට පැමිණි කණ්ඩායමක්. ඒ තැනට යළි එන්න අපි කැප වෙනවා“ චරිත් අසලංක පැවැසීය.
නවසීලන්ත විස්සයි20 නායකයා ලෙස මෙම සංචාරයට එක්ව සිටින මිචෙල් සැන්ට්නර් පවසන්නේ සාර්ථක ඉන්දීය සංචාරයකින් පසු ශ්‍රී ලංකාවට පැමිණ දස්කම් අතරට පැමිණීම අපේක්ෂාව බවයි. එහෙත් ශ්‍රී ලංකා දඟ පන්දු පිළිබඳ විශේෂ අවධානයකින් ක්‍රීඩා කිරීම වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය. “ශ්‍රී ලංකා පිල ගොඩක් හොඳ කණ්ඩායමක්. කොදෙව් පිල ඔවුන් පරාජය කළා. අපේ යොවුන් ක්‍රීඩකයින් කිහිපදෙනකු ඉන්නවා. හොඳ තරගයක්දී මට අපි සූදානම්“ සැන්ට්නර් පැවැසීය.
නවසීලන්ත පිල හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික විස්සයි20 තරගාවලි 9ක් පවත්වා ඇති අතර, ශ්‍රී ලංකාව ඔවුන් සමඟ වසර11කින් තරගාවලියක් ජය ගෙන නැත. එබැවින් මෙවර තරගාවලිය ජය ගැනීම එකම අපේක්ෂාව වී තිබේ. කණ්ඩායම් දෙක විස්සයි20 තරග 23කට මුහුණදී එයින් තරග 13ක් නවසීන්තය ජයගෙන ඇති අතර, ශ්‍රී ලංකාව තරග 7ක ජය තහවුරු කර ගත්තේය. තරගයක් විසඳුමකින් තොරව අවසන්වෙද්දී තරග 2ක් ලකුණු සමවී ජය තීරණය විය. දෙපිල අවසන් වරට මුණගැසුණේ පසුගිය වසරේ වන අතර එහිදී නවසීලන්තය තරග 2-1කින් තරගාවලිය ජය ගත්තේය.
පසුගිය දින කිහිපය පුරා දඹුල්ල අවට ප්‍රදේශයට වර්ෂාවෙන් බාධා එල්ල වූවත් තරග පැවැත්වෙන හෙට සහ අනිද්දා (10 වැනිදා) එවැනි බාධා එල්ල වීමක් නොවනු ඇතැයි කාලගුණ අනාවැකි ප්‍රකාශ කොට ඇත.
නවසීලන්තය ඉන්දියාවට එරෙහිව සාර්ථක ටෙස්ට් තරගාවලියක් නිමා කරමින් ඔවුන් 3-0කින් ඉන්දියාව අතුගා දැමීය. විශේෂයෙන් විස්සයි20 ආකෘතියේ, ඉහළ මට්ටමක් පෙන්නුම් කළද, ශ්‍රී ලංකාවට එරෙහි දස්කමහ් දැක්වීම ලෙහෙසි පහසු නොවේ. ශ්‍රී ලංකා පිල ක්‍රිකට් ආකෘති තුනේම ඉහළ ජයග්‍රණ භුක්ති විඳිමින් සිටී. පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරගාවලි ජයග්‍රහණයකින් පසු ශ්‍රී ලංකා පිල නවසීලන්තය හමුවේ.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයේ කාසියේ වාසිය ඉතා වැදගත් වන අතර, තරගය ඉදිරියට යන විට පිතිකරණයට පාරාදීසයක් වනු ඇතැයි අනාවැකි පළවේ. එබැවින් කාසියේ වාසිය දිනාගත් නායකයා පළමුවෙන් පන්දු යැවීමට ඉඩ ඇත. නවසීලන්ත පිලේ හොඳම පිතිකරුවා ලෙස සැලකෙන ග්ලෙන් ෆිලිප්ස්ට විශාල පහරවල් එල්ල කිරීමේ හැකියාව පවතින අතර, ඔහුගේ විස්සයි20 ආකෘතියේ සාමාන්‍ය 32.89 කි. පිලිප්ස් මීට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 104ක් ලබා ගත්තේය.
පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා පිලේ බලපොරොත්තුවක් බවට පත්ව තබේ. පැතුම් නිශ්ශංක තමාට වාසිදායක ලෙස වේගය භාවිත කරමින් ඉහළ පෙළේ ආරම්භක පිතිකරුවෙකු බවට පත්වී ඇත. ඔහු මෙම ආකෘතියේ සාමාන්‍ය 28.71ක් ලෙස ක්‍රීඩා කරමින් සිටින අතර, අවසන් විස්සයි20 ඉනිම තුනේදී (බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව) ලකුණු 11, 54 සහ 39 රැස් කළේය.
ශ්‍රී ලංකාවට එදිරිව නවසීලන්ත හොඳම පන්දු යවන්නා ලෙස මිචෙල් සැන්ට්නර් පත්ව සිටින අතර, වනිඳු හසරංග නවසීලන්තයට හොඳම හිසරදයක් වනු ඇත.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්‍ෂණ, චමිඳු වික්‍රමසිංහ, ජෙෆ්රි වැන්ඩර්සේ, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු.