මට දැන් අවුරුදු හතළිස්නමයයි. මම අවුරුදු 40ක් තිස්සේ දැකපු කළුතර දිස්ත්‍රික්කය තමයි අදටත් පේන්නේ. හිටපු කිසිම දේශපාලනඥයකුට ජනතාවගේ දුක තේරුණේ නෑ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ මනාපය ගන්න පමණයි. ඒකත් අරගෙන පාර්ලිමේන්තු ගියාම ඊට පස්සෙ ඇමැතිකම් අරන් ඉහළ ගියාම තමන්ගේ දූ දරුවන්ව නෑදෑයන්ව තානාපති සේවයට පවා පිටත් කර මල්ල තර කරගත් කාලයක් තමයි තිබුණේ’ යැයි සර්ව ජන බලය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක වෛද්‍ය සොබාත් විජේරත්න මහතා අලුත්ගම ජන හමුවකදී පැවසීය.
මම වෛද්‍ය වෘත්තිකයෙක්. මෙවර පාර්ලිමැතිවරණයට තරග කරන්න අවස්ථාව ලැබීමේ ප්‍රතිඵලයේදී අසරණ ජනතාවට දැනටත් කරන සේවාව පුළුල් කිරීමට හැකියි. මෙදා සැරේ ජනතාව ගන්නා බුද්ධිමත් තීන්දුවෙන් කළුතර දිස්ත්‍රික්කයට යහපතක් වෙනවා ස්ථිරයි. මම ක්‍රියාකාරී දේශපාලනයට එන්න තීරණය කළේ මෙතෙක් මේ ක්ෂේත්රයේ රැඳී සිටිය, පරිණතයි, කියන අය අහිංසක ජනතාව රවටලා දුක් දීලා ඔවුන්ගේ සුඛ විහරණයට පමණක් කටයුතු කර බව දැක්ක නිසා යැයි ඒ මහතා පැවසීය. බලන්න මේ ප්‍රදේශවල සංචාරක හෝටල් කීයක් වැහිලද? ඒවා වහන්නත් ඇතැම් දේශපාලකයෝ මුල් වුණා. ආයෝජකයකුට මේ රටට අඩිය තියන්න බෑ. එයාලගෙ සන්තෝසම් නොදෙනවානම් මේක සුරපුරයක් වුණත් වැඩක් නෑ කියා තමයි ඔය දේශපාලුවෝ හිතන්නේ. මහින්ද මහත්තයා විකුණලා දේශපාලනයෙන් ඉදිරියට ආපු ඇතැමුන් රනිල් මහත්තයා කරේ තියාගෙන ගියා. මෙදා සැරේ නම් කළුතර ජනතාව රැවටෙන්නේ නෑ. මේ තීරණය වෙනස් කරන්න සර්වජන බලය දිනවන්න.