Home » අපේ ආණ්ඩු­ව­කින් රටේ කෘෂි­කා­ර්මික නවෝ­ද­යක් ඇති කිරීම අපේ­ක්ෂා­වයි

අපේ ආණ්ඩු­ව­කින් රටේ කෘෂි­කා­ර්මික නවෝ­ද­යක් ඇති කිරීම අපේ­ක්ෂා­වයි

ජාතික ජන බල­වේ­ගයේ අනු­රා­ධ­පුර දිස්ත්‍රික් අපේ­ක්ෂක ප්‍රගීත් ඉලං­ග­සිංහ

by damith
November 9, 2024 1:04 am 0 comment

ධර්ම ශ්‍රී අබේ­රත්න

ඉදි­රි­යේදී පිහි­ටු­වන ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩු­වක් යටතේ දෑවැන්ත කෘෂි­කා­ර්මික නවෝ­ද­යක් ඇති කරන බව අනු­රා­ධ­පුර දිස්ත්‍රික් අපේ­ක්ෂක ප්‍රගීත් ඉලං­ග­සිංහ මහතා පැව­සීය.

රටේ ආර්ථි­ක­යට උර­දෙන ගොවීන්ගේ ආර්ථික සංව­ර්ධ­නය කෙරෙහි ඉදි­රි­යේදී පිහි­ටු­වන ජාතික ජන බල­වේග ආණ්ඩුව දැඩි අව­ධා­නය යොමු කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

වී ගොවින්ගේ මෙහෙ­යුම් පිරි­වැය අවම කිරී­මට සැල­සුම් කර තිබෙ­නවා.ඒ යටතේ ගොවි ජන සේවා මධ්‍ය­ස්ථාන කේන්ද්‍ර කර ගනි­මින් ගොවි­තැ­නට අව­ශ්‍යය ගොවී උප­ක­රණ,යන්ත්‍ර සූත්‍ර පහසු මිලට කුලි­යට ගැනී­මට ගොවි­යාට අව­කා­ශය සැල­සෙයි.අද වන විට ට්‍රැක්ටර්,කොළ මඩින යන්ත්‍ර වැනි කෘෂි­කා­ර්මික උප­ක­රණ සහ යන්ත්‍ර සූත්‍ර­වල පිරි­වැය ගොවි­යාට දැරිය නොහැකි මට්ට­මට ඉහළ ගොස් තිබෙ­නවා. ඒ නිසාම වී ගොවි­තැනේ නිෂ්පා­දන පිරි­වැය ද ඉතා අධි­කයි.එබැ­වින් වී ගොවි­තැනේ නිෂ්පා­දන පිරි­වැය අවම කිරීමේ අර­මු­ණින් මේ කෘෂි උප­ක­රණ සහ යන්ත්‍ර සූත්‍ර පහසු මිලට කුලි­යට ලබා ගැනී­මට ගොවි­යාට අව­ස්ථාව සැල­සෙයි. මේ සඳහා අවශ්‍ය කට­යුතු ඉදිරි අය­වැ­යෙන් ක්‍රියා­ත්මක කරන බව ද ඔහු පැව­සීය. අපේ රටේ දේශ­ගු­ණ­යට කාල­ගු­ණ­යට ගැල­පෙන ආකා­රයේ බීජ වී ගොවි­යාට ලබා­දී­මට පිය­වර ගන්නවා.අද වන විට ගොවීන් බහු­ලව භාවිතා කරන දෙමු­හුන් බීජ අප රටේ කාල­ගු­ණය,දේශ­ගු­ණය එවැනි පරි­සර සාධ­ක­ව­ලට නොගැ­ල­පෙන බැවින් බහු­ලව ලෙඩ රෝග­ව­ලට ගොදුරු වෙනවා.එබැ­වින් රටේ කාල­ගු­ණික,දේශ­ගු­ණික සහ පාංශු වැනි අනෙ­කුත් කෘෂි­කා­ර්මික සාධ­ක­ව­ලට ගැල­පෙන ආකා­රයේ රටට ගැල­පෙන උසස් තත්ත්වයේ බිත්තර වී ගොවීන්ට ලබා­දී­මට ක්‍රියා­මාර්ග ගැනී­මට පිය­වර ගන්නවා.මෙම­ඟින් ද ගොවීන්ට වී වගා­වට කෘමි­නා­ශක,වල්නා­ශක සහ පොහොර යෙදී­මට වැය වන අධික පිරි­වැය අවම කිරී­මට හැකි­වේවි.

කෘෂි­කා­ර්මික ක්ෂේත්‍රයේ අද භාවිතා වන නවීන තාක්ෂ­ණය ගොවීන් වෙත සන්නි­වේ­ද­නය කිරී­ම­ටද පිය­වර ගන්නවා. මෙම­ගින් භූමි ඵල­දා­යී­තාව ඉහළ නැංවී­ම­ටත්,අස්වැන්නේ ගුණා­ත්ම­ක­භා­වය ඉහළ නැංවී­ම­ටත් ගොවීන්ට හැකි­යාව ලැබෙනු ඇත.

මේ සියලු සාධක හේතු­වෙන් නිෂ්පා­දන පිරි­වැය විශාල වශ­යෙන් පහත හෙළී­මට ගොවීන්ට අව­ස්ථාව උදා­වනු ඇත.එබැ­වින් වී වගාව ආර්ථික වශ­යෙන් ලාභ දායක කර්මා­න්ත­යක් බවට පත්වනු ඇත. මෙම­ඟින් අද වන විට කෘෂි­ක­ර්මා­න්ත­යෙන් ඉවත්ව සිටින තරුණ පර­පුර නැවත වතා­වක් කෘෂි­ක­ර්ම­යට යොමු­වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු අව­ධා­ර­ණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT