Home » ආපදා හේතු­වෙන් හානි වූ නිවාස-දේපළ හානි­පූ­ර්ණ­යට චීනය පිරිනැමූ මිලි­යන 30ක මුදල භාණ්ඩා­ගා­ර­යට

ආපදා හේතු­වෙන් හානි වූ නිවාස-දේපළ හානි­පූ­ර්ණ­යට චීනය පිරිනැමූ මිලි­යන 30ක මුදල භාණ්ඩා­ගා­ර­යට

by damith
November 9, 2024 1:00 am 0 comment

උපාලි කරු­ණා­රත්න සහ ජය­සිරි මුණ­සිංහ

චීන සමූ­හා­ණ්ඩුව විසින් ආපදා සහන සහ අධී­ක්ෂණ ව්‍යාපෘ­තිය වෙනු­වෙන් පිරි­න­මන ලද මුදල් මහා භාණ්ඩා­ගා­රය වෙත යොමු කෙරේ.2024 ජන­වාරි මස 01 වැනි දින සිට ඔක්තෝ­බර් 30 වැනි දින දක්වා ස්වාභා­වික ආපදා හේතු­වෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානි­පූ­ර්ණය කිරී­මට මහ­ජන චීන සමූ­හා­ණ්ඩු­වෙන් පිරි­න­මන ලද රුපි­යල් මිලි­යන 30ක පමණ මූල්‍ය­මය ප්‍රදා­නය භාණ්ඩා­ගා­රය වෙත යොමු කර ඇත.ස්වාභා­වික ආපදා හේතු­වෙන් හානි­යට පත් ජන­තා­වගේ නිවාස ප්‍රති­සං­ස්ක­ර­ණය සඳහා ජාතික අය­වැය දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය වෙත අති­රේක මූල්‍ය ප්‍රති­පා­දන වෙන් කර ඇති අතර,භාණ්ඩා­ගාර මෙහෙ­යුම් දෙපා­ර්ත­මේ­න්තුව එම මුදල් වහාම ක්‍රියා­ත්මක වන පරිදි ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය වෙත මුදා හැර තිබේ.

එම අති­රේක මූල්‍ය ප්‍රති­පා­දන,ආප­දා­ව­ලින් හානි­යට පත්වූ­වන් වෙනු­වෙන් වෙන් කිරී­මට සිදු වූයේ 2024 අය­වැය ඇස්ත­මේ­න්තුව මඟින් ඒ සඳහා ප්‍රමා­ණ­වත් පරිදි ප්‍රති­පා­දන වෙන් කර නොතිබූ බැවිනි. තවද මහ­ජන චීන සමූ­හා­ණ්ඩු­වෙන් හදිසි මානු­ෂීය ආධාර වැඩ­ස­ට­හන යටතේ තව­දු­ර­ටත් ලැබී­මට ඇති යුවාන් මිලි­යන 10ක ද්‍රව්‍ය­මය ආධාර සහ භාණ්ඩ ලද වහාම විධි­මත් පරිදි ගිණු­ම්ගත කිරී­මෙන් අන­තු­රුව බෙදා හැරී­මට නිය­මි­තය.එසේම හානි වූ නිවාස හා දේපළ සඳහා වන්දි ගෙවීම ද නිවාස ඉදි­කි­රීමේ හා ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීමේ වැඩ කට­යුතු ද ආපදා සහන සහ අධී­ක්ෂණ ව්‍යාපෘ­තිය මඟින් කඩි­න­මින් ඉටු කිරී­මට අවශ්‍ය කට­යුතු යොදා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT