Home » අසත්‍ය සාක්ෂි ලබා­ දු­න්නැයි කියන ව්‍යාපා­රි­කයෙක් 21දා දක්වා රිමාන්ඩ්
මන්ත්‍රී අම­ර­කීර්ති ඝාතන නඩුව

අසත්‍ය සාක්ෂි ලබා­ දු­න්නැයි කියන ව්‍යාපා­රි­කයෙක් 21දා දක්වා රිමාන්ඩ්

by damith
November 9, 2024 1:11 am 0 comment

ගම්පහ අධි­ක­රණ - උපාලි රණ­වීර

පොලො­න්න­රුව දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී අම­ර­කීර්ති අතු­කෝ­රළ මහතා සහ ඔහුගේ ආර­ක්ෂක නිල­ධා­රි­යාට පහ­රදී ඝාත­නය කිරීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් පැමි­ණි­ල්ලට අග­ති­දා­යක අන්ද­මින් අසත්‍ය සාක්ෂි ලබා­දු­න්නැයි කියන ව්‍යාපා­රි­ක­යකු ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස ගම්පහ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල ඊයේ (08) නියෝග කළේය.

මෙම නඩුව ඊයේ (08) ගම්පහ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සු­රු­වන් වන සහන් මාපා බණ්ඩාර, රුවන් පති­රණ සහ රශ්මි සිංග­ප්පුලි යන ත්‍රිපු­ද්ගල විනි­සුරු මඬුල්ල හමුවේ විභා­ග­යට ගත් අව­ස්ථා­වේදී මෙම නියෝ­ගය නිකුත් විණි. මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබුවේ මෙම නඩුවේ 300 වන සාක්ෂි­කරු වන වතු­පි­ටි­වල ප්‍රදේ­ශයේ පදිංචි ව්‍යාපා­රි­ක­යකු වන ධම්මික ප්‍රියන්ත නමැ­ත්තාය.

සාක්කි­කරු පැමි­ණි­ල්ලට අග­ති­යක් වන අන්ද­මින් සාක්ෂි ලබා දෙන බැවින් මොහුට දඬු­වම් පමු­ණු­වන ලෙස නඩුවේ පැමි­ණිල්ල මෙහෙ­යවූ නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ජනක බණ්ඩාර මහතා කළ කරුණු දැක්වීම සැල­කි­ල්ලට ගත් ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සු­රු­වන් මෙම සාක්ෂි­කරු එලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කළේය.

වර්ෂ 2022 මැයි 09 වැනි දින පැවති ජන අර­ග­ල­යේදී නිට්ට­ඹුව නග­රය මැද, අර­ග­ල­ක­රු­වන් පොලො­න්න­රුව දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී අම­ර­කීර්ති අතු­කෝ­රළ මහතා සහ ඔහුගේ ආර­ක්ෂක නිල­ධා­රි­යාට පහ­රදී ඝාත­නය කරනු ලැබ තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT