42
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (8) පස්වරුවේ සහභාගි වූ කුරුණෑගල මැතිවරණ ප්රචාරක රැස්වීමකට පැමිණ සිටි පුද්ගලයකු සන්තකයේ තිබී බෝර දොළහේ තුවක්කුවකට යොදන ජීව පතරොමක් සොයාගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මැල්සිරිපුර පදංචි ජාතික ජන බලවේගය පක්ෂයේ ආධාරකරුවකු බවත්, ඔහු දඹුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන සහකාර නිලධාරියකු බවත් පැවසේ. සකකරු රැගෙන ආ බෑගයක් පරීක්ෂා
කිරීමේදී ජීව උණ්ඩය ආරක්ෂක අංශවලට හසු වී තිබේ.