Home » ලෝක බල­ව­තාගේ ස්වර්ණ­මය යුගය!

ලෝක බල­ව­තාගේ ස්වර්ණ­මය යුගය!

by damith
November 9, 2024 1:10 am 0 comment

රන්ජන් අම­ර­රත්න

සමස්ත ලෝක­යම දෑස් දල්වා බලා සිටි අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ ජනා­ධි­පති මැති­ව­ර­ණය අව­සන් විය. අමෙ­රි­කාවේ 47 වන ජනා­ධි­ප­ති­ව­රයා ලෙස හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යකු හා හැම­වි­ටම ආන්දෝ­ල­නා­ත්මක චරි­ත­යක් වූ ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් තේරී පත්වී ඇත. ඔහුගේ ප්‍රති­වා­දියා ලෙස තියුණු තර­ග­යක් ලබා­දුන් කම­ලා­දේවි හැරිස් තම පරා­ජය පිළි­ගත් අතර ට්‍රම්ප්ගේ ඉදිරි කට­යු­තු­ව­ලට සහාය දක්වන බව කියා ඇත. අමෙ­රි­කන් දේශ­පා­ල­නයේ විශේ­ෂ­ත්වය එයයි.

ට්‍රම්ප්ගේ ජය­ග්‍ර­හ­ණය විග්‍රහ වන්නේ දුෂ්කර හා විශිෂ්ට එකක් හැටි­ය­ටයි. එය ඓති­හා­සික ජය­ග්‍ර­හ­ණ­යක් බව වැඩි දෙන­කුගේ මතය වී ඇත. ට්‍රම්ප් 2016 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජය­ගෙන 45 වන අමෙ­රි­කන් නාය­කයා ලෙස ක්‍රියා­කළ අතර, 2020 ජනා­ධි­පති තර­ගයේ දී පරා­ජ­යට පත්විය. ඔහු පරා­ජය නොපි­ළි­ගත් අතර, මැති­ව­රණ ප්‍රති­ඵ­ලය අභි­යෝ­ග­යට ලක් කළේය. තම පාක්ෂි­ක­යන් විරෝ­ධ­තා­ව­ලට යොමු කළේය. මේ සම්බ­න්ධ­යෙන් චෝදනා රැසක් ඔහුට එරෙ­හිව නීතිය ඉදි­රි­පිට පවතී.

ට්‍රම්ප්ට එරෙ­හිව අප­රාධ නඩු තිස් ගණ­නක් විභාග වෙයි. ඒවා­යෙහි තීන්දුව කුමන පැත්ත­කට නැඹු­රුවේ දැ’යි කිව නොහැ­කිය. එහෙත් අමෙ­රි­කන් ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට එරෙ­හිව අප­රාධ නඩු ගොනුවූ පළමු අව­ස්ථාව එය විය. ඩොනල්ඩ් ට්‍රම්ප් රිප­බ්ලි­කන් පක්ෂයේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා බවට පත්වන්නේ ද බල­වත් වෑය­ම­කින් පසු­වය. කුමක් වුව ඔහු පසු­පස ප්‍රධාන බල­වේග දෙකක් පැව­තිණි. පළමු බල­වේ­ගය වන්නේ එරට ව්‍යාපා­රික පන්තිය දෙවන බල­වේ­ගය වන්නේ “ඔරි­ජි­නල්” සුදු ජාතික ප්‍රජා­වය. මේ බල­වේග දෙක හැම­වි­ටම ට්‍රම්ප් ආරක්ෂා කළ බව ද ඔහු වෙනු­වෙන් පෙනී සිටි බවද කිව යුතුය.

ඩිමො­ක්‍ර­ටික් පක්ෂය පළ­මුව තම අපේ­ක්ෂ­කයා ලෙස ඉදි­රි­පත් කර සිටියේ ජෝෂප් බයි­ඩන් හෙවත් වර්ත­මාන ජනා­ධි­ප­ති­ව­ර­යාය. එම තර­ග­යේදී බයි­ඩන් හාස්‍ය­යට ලක්ක­ර­මින් ඔහු දුර්වල කිරී­මට ට්‍රම්ප් සමත් විය. මේ අනුව ඩිමො­ක්‍ර­ටික් පක්ෂයේ නව අපේ­ක්ෂි­කාව වූයේ උප ජනා­ධි­ප­තිනි කමලා හැරිස්ය. ඇය ට්‍රම්ප්ට කරට-කර සට­නක් ලබා දුන්නාය.

තර­ගය කෙත­රම් උණු­සුම් ද, කෙත­රම් තියුණු ද යත්; පූර්ව නිග­මන ලබා­දිය නොහැකි විය. පූර්ව ජන­මත විම­සුම් බොරු­විය. සාමාන්‍ය පෙනු­මට අනුව කම­ලා­දේවි හැරිස් ඡන්ද මැෂි­මක් බවට පත්ව සිටියා. ඇයගේ තර්ක හමුවේ ට්‍රම්ප් අස­ර­ණවූ අවස්ථා ද තිබිණි. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් සටන අත්හළේ නැත. ඔහු දිනෙන්-දින අලුත් විය. ලෝක ධන­වතා වූ ඉලොන් මස්ක් ඔහුගේ ශක්ති­යට පසු­ප­සින් සිටි­යේය. ඡන්ද ප්‍රති­ඵල නැර­ඹීම සඳහා මේ දෙදෙනා එක්ව සිටි­යහ. ඔව්හු මස්ක්ගේ මන්දි­රයේ සිට සිනා සෙන්නට පටන් ගත්හ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඡන්ද ව්‍යාපා­රය ආරම්භ කළේ ප්‍රධාන සටන් පාඨ­යක් පෙර­මු­ණෙහි තබා­ගෙ­නය. එනම්; අමෙ­රි­කාව යළි ගොඩ­න­ඟමු! ශ්‍රේෂ්ඨ රාජ්‍ය­යක් බිහි කරමු! යන්නය. (Make America ! Great America!) රටේ වර්ත­මාන පසු­බිම එම සටන් පාඨ­යට හොඳින්ම ගැළ­පු­ණේය. ට්‍රම්ප්ගේ තර්කය වූයේ අමෙ­රි­කාවේ අභි­මා­නය බිඳ­වැටී දිනෙන් දින අමෙ­රි­කන් ජන­තා­වගේ ජීවන තත්ත්වය දුෂ්කර වන බවය. ඊට හේතුව වත්මන් පාල­ක­යන්ගේ වැරැදි ආර්ථික ප්‍රති­පත්ති බවද ඔහු පෙන්වා දුන්නේය. ඔහු බයි­ඩන් පාල­නය දිගට හර­හට විවේ­ච­නය කළේය. සාමාන්‍ය ජන­තාව ඔල්ව­ර­සන් නැඟූහ.

(i) නාස්ති­කාර විය­දම්

(ii) වැරැදි බදු ප්‍රති­ප­ත්තිය

(iii) දුර්වල විදේශ ප්‍රති­පත්ති

(iv) විරැ­කි­යාව ඉහළ යෑම

(v) කුඩා සමා­ගම් වැසී­යෑම

(vi) ජීවන විය­දම ඉහ­ළ­යෑම

(vii) පොදු පහ­සු­කම් බිඳ වැටීම

යනා­දිය රටේ ආර්ථි­ක­යට බල­පෑම් ඇති කළ ප්‍රධාන සාධක විය. නිෂ්පා­ද­නය පල්ලම් බැස්සේය. ආන­යන විය­දම් ඉහළ ගියේය. අමෙ­රි­කන් නිෂ්පා­ද­න­ව­ලට දේශීය වෙළෙ­ඳ­පොළ තුළම ඉඩක් නොවීය. නවෝ­ත්පා­දන දකි­න්නට ලැබු­ණේම නැත. ලෝකයේ ප්‍රධාන ගැටුම් දෙක­කට අමෙ­රි­කාව මැදි­හත්ව සිටි­යේය. එනම්; මැද­පෙ­ර­දිග අරාබි – ඊශ්‍රා­යල් ගැටුම හා රුසි­යන් – යුක්රේන යුද්ධ­යයි. ඊශ්‍රා­ය­ලය ගාසා තිර­යට, බට­හිර ඉවු­රට, ලෙබ­න­න­යට පම­ණක් නොව; ඉරා­න­යට පවා පහර දුන්නේ අමෙ­රි­කාවේ සහ­යෝ­ගය මතය.

යුක්රේ­නය රුසි­යා­වට එරෙහි යුද්ධය පව­ත්වා­ගෙන ගියේ අමෙ­රි­කාවේ ආර්ථික සහ­යෝ­ගය මතය. සෙලෙන්ස්කි ජනා­ධි­ප­ති­ව­රයා වරි­න්වර අමෙ­රි­කා­වට සිය කෘත­ඥ­තාව පළ කළේය. අමෙ­රි­කාව වරි­න්වර යුක්රේ­න­යට ලබා­දෙන ආධාර ඉහළ දැම්මේය. ට්‍රම්ප්ගේ මතය වන්නේ විදේ­ශීය යුද්ධ­ව­ලට අමෙ­රි­කන් ජන­තා­වගේ බදු සල්ලි යට­කි­රීම වහාම නව­ත්වන බවය. පව­තින යුද්ධ නවතා යළි සාමය උදා­කි­රී­මට කට­යුතු කළ යුතු බව ඩොනල්ඩ් ට්‍රමප් කියා තිබේ.

නව ජනා­ධි­ප­ති­ව­රයා; එනම්, අමෙ­රි­කාවේ 47 වන ජනා­ධි­පති ලබන ජන­වාරි 20දා දිව්රුම් දී ධවල මන්දි­රයේ සිට රාජ­කාරි ආරම්භ කරනු ඇත. ඔහුගේ පාලන තන්ත්‍රය ඉදි­රියේ බර­ප­තළ ගෝලීය ගැටලු කිහි­ප­යක් ඇත.

(i) ලෝක සාමය සඳහා ක්‍රියා කිරීම පව­තින යුද ගැටුම් සම­ථ­ය­කට පත්කි­රීම සඳහා මැදි­හ­ත්වීම හා එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය ශක්ති­මත් කිරීම

(ii) චීනය, ජපා­නය, අරාබි රට­වල්, රුසි­යාව සමඟ ආර්ථික සබ­ඳතා තර කර­ග­නි­මින් ගෝලීය ගනු­දෙනු සාධා­ර­ණී­ක­ර­ණය සඳහා ක්‍රියා කිරීම හා දුප්පත් රට­වල ආර්ථි­කය ගොඩ­නැ­ඟී­මට සහ­යෝ­ගය ලබා­දීම

(iii) දේශ­ගු­ණික විප­ර්යාස සම්බ­න්ධ­යෙන් විෂේශ අව­ධා­නය යොමු කිරීම හා විස­ඳුම් ක්‍රියා­ව­ලි­යක් සඳහා මූලි­ක­ත්වය ගැනීම

(iv) සාග­තය, දිළි­ඳු­කම පිටු­දැ­කීම සඳහා ශක්ති­මත් ගෝලීය වැඩ­ස­ට­හ­නක් ආරම්භ කළ යුතුව තිබේ. ඒ සඳහා ආහාර නිෂ්පා­ද­නය වර්ධ­නය කළ යුතුය. එය අමෙ­රි­කා­වෙන්ම ආරම්භ කිරීම වඩා වැද­ගත්ය.

මේ වන­වි­ටත් ප්‍රධාන යුද ගැටුම් දෙකක් ගෝලීය ආර්ථි­ක­යට හා දේශ­පා­ල­න­යට තදින් බල­පෑම් කරයි. ඒ අරාබි, ඊශ්‍රා­යල් ගැටුම හා රුසි­යන් – යුක්රේන් යුද්ධ­යයි. මේ ගැටුම් දෙක­ටම අමෙ­රි­කාව සම්බ­න්ධය. මීට අම­ත­රව අප්‍රි­කාවේ, කොරි­යාවේ, තායි­වා­නයේ, ඉන්දි­යාවේ ගැටුම් ඇති­වී­මට අදාළ අව­දා­නම් සහ­ගත පරි­ස­ර­යක් පවතී. අමෙ­රි­කාවේ අනි­යම් බල­පෑම් එම සංසි­ද්ධි­ව­ලට ද අදා­ළය. ඒ අනුව ලොව ප්‍රධාන ගැටුම් හා යුද්ධ නැවැ­ත්වී­මට අමෙ­රි­කාවේ ඍජු මැදි­හ­ත්වී­මක් වුව­ම­නාය. හැබෑ­ව­ටම මේ ගැටුම් කළ­ම­නා­ක­ර­ණයේ හැකි­යාව අමෙ­රි­කා­වට පවතී. ප්‍රධාන යුද්ධ දෙක නිසා මේ වන­වි­ටත් බයි­ඩන් පාලන තන්ත්‍රය විවේ­ච­න­යට ලක්වන අතර අමෙ­රි­කා­වට එරෙහි ලෝක ජන­ම­ත­යක් ද ගොඩ­නැඟී ඇත. ට්‍රම්ප්ට අවශ්‍ය නම්; ලබන වසර ආර­ම්භ­යේ­දීම එම තත්ත්වය වෙනස් කළ හැකිය.

කම­ලා­දේවි හැරිස්ගේ වේදි­කාව වර්ණ­වත් විය. විචිත්‍ර විය. ටේලර් වැනි ලෝක ප්‍රසිද්ධ ගායි­කාවෝ ගී ගායනා කළහ. රංගන ඉදි­රි­පත් කළහ. ඔබාමා වැනි දැවැන්ත චරිත ඇගේ වේදි­කාවේ කතා පැවැ­ත්වූහ. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, සාමය, පූර්ණ නිද­හස, එම වේදි­කාවේ ප්‍රධාන මාතෘකා විය. ට්‍රම්ප්ගේ වේදි­කාව ඊට වඩා වෙනස්ය. ඔහු ශබ්ද නඟා කතා කළේය. නොන­වත්වා කතා කළේය. තනිව රංග­නයේ යෙදු­ණේය. ආර්ථි­කය ඔහුගේ ප්‍රධාන මාතෘ­කාව විය. මේ අතර ඉලි­යෝන් මස්ක් එම වේදි­කාවේ සිට සල්ලි බෙදා දුන්නේය. වඩාත් වටින්නේ ඩොලර් බව ඔහු සහ­තික කළේය. අමෙ­රි­කන් ඩොල­රය ඉදි­රි­යේදී තවත් ශක්ති­මත් වනු ඇත. එය ශ්‍රී ලංකාව වැනි දුප්පත් රට­ව­ලට බල­පාන්නේ කෙසේද?

****

“My name is John!”

“මගේ නම ජෝන්!”

“අලුත් යුද්ධ නැත. පව­තින යුද්ධ සාම­යෙන් කෙළ­වර විය යුතුය. අපට වඩා වැද­ගත් වන්නේ ආර්ථි­ක­යයි. අමෙ­රි­කාවේ අභි­මා­නය තහ­වුරු වන අයු­රින් ඩොල­රය ශක්ති­මත් කළ යුතුය. අමෙ­රි­කන් ජන­තා­වගේ ජීවන තත්ත්වය උසස් කළ යුතුය. අපේ ආර­ක්ෂාව තහ­වුරු කළ යුතුය. මගේ සිහි­නය ශ්‍රේෂ්ඨ අමෙ­රි­කා­වකි. ඔබේ සිහි­නය ද එය විය යුතුය.”

මීට

ඩී.ජේ. ට්‍රම්ප්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT