Monday, April 21, 2025
Home » කුරු­ණෑ­ගල පිර­මී­ඩය

කුරු­ණෑ­ගල පිර­මී­ඩය

by damith
November 9, 2024 1:00 am 0 comment

පිර­මී­ඩය යනු එක් ලක්ෂ්‍ය­ය­කට අභි­සාරී වන ලෙසට ඇති, ත්‍රිකෝ­ණා­කාර බාහිර පෘෂ්ඨ­යන් සහිත ව්‍යුහ­යකි. මෙහි මුදු­නත උලක් සේය. අතේ ගාණට හදා­ගත් පිර­මී­ඩ­යක, උල­කින් යමෙ­කුට ඇනිය හැක්කේය. ඒ නිසා පිර­මී­ඩ­යක් මඟින් මිනි­සෙක් වෙත හානි විය හැක්කේය. ඒ හැරුණු කළ පිර­මී­ඩ­යක් විසින් මිනිස් වගට හානි කරන්නේ කෙසේද යන්න අප දැන නොසි­ටි­යෙමු. දැන් තත්ත්වය සපුරා වෙනස්ය. පිර­මීඩ කියූ කල්හි දැන් අපට ඊජි­ප්තුව නොව, සල්ලි කොල්ල­කන කල්ලි පිළි­බ­ඳව මත­ක­යට එන්නේය. ඒ ත­ර­මට ජාවා­රම දරු­ණුය. කුරු­ණෑ­ගල ප්‍රදේ­ශයේ එක්තරා මූල්‍ය ආය­ත­න­යක් තිබු­ණේය. මේ රටේ සිටින සම­හර ගොන් ගස්, සල්ලි සෙවීම සඳහා සෑම­වි­ටම උත්සාහ දරන්නේ වංගු ගසාය. නැති­නම් පහසු මාර්ග­යන් සොයා යන්නේය. ඒ ආකා­රයේ මනස් සඳහා ආම­න්ත්‍ර­ණය කරන කපටි පුද්ග­ලයෝ, මූල්‍ය ආය­තන ව්‍යුහ­යක් අටවා ගන්නෝය.

මේවා බැංකු නොවේ. අවම තරමේ ග්‍රාමීය බැංකු­වක හැඩය හෝ නැත. බැංකු­වක මෙන් දස ගුණ­යක පොලිය ලබා­දෙන බවට කට වච­න­යෙන් සහ දැන්වීම් මඟින් මේ ආය­තන කියා සිටි­න්නේය. මුදල් තැන්පත් කළ යුත්තේ විශ්වා­ස­යෙන් අග­තැ­න්පත් තැන­කය. එහෙ­මට නමක්, ගමක් දන්නේ නැති, වැඩි පොලිය පම­ණක් අව­ධා­ර­ණ­යට ගෙන, මෙවන් ස්ථාන­යන්හි පෝලිම් පිරී මුදල් තැන්පත් කිරී­මට, සම­හර අඳබාල ජනයා යන්නාහ.

කුරු­ණෑ­ගල ආරම්භ කළ මූල්‍ය ආය­ත­නය ද වැඩේ මවා දුන් හෙයින් හෝ ගා සෙනඟ ඇවිත්, සිය මුදල් වැඩි පොලිය බලා, තැන්පත් කළහ. ජෙඩ්සීස් බිස්නස් ස්කූල් නමින් මේ මූල්‍ය ආය­ත­නය ආරම්භ කරන ලද්දේ, බැංකු ආදී නම් යෙදීම නෛතික නැති හෙයින් සහ ඒ ආකා­ර­යට ඍජුව ජනයා රැව­ටී­මට නොව, කර­ව­ටෙන් අත්දමා සාක්කු­වෙන් සල්ලි ගැනීම මොවුන්ගේ බලා­පො­රො­ත්තුව වූ බැවිනි. ආයෝ­ජන ව්‍යාපෘති ආදී සැල­සුම් ගණ­නා­වක් ද මේ ගරා­නාව සඳහා කල­එළි බැස තිබුණි.

මෙම ආය­තන මතු­පි­ටින් බැලූ කල්හි සේවය සුහද, වැඩේ කාර්ය­ක්ෂම, ජන­යාට කන් දෙන පන්න­යේය. තැන්ප­තු­වක් භාර ගත් විට බැංකුව ලබා­දෙන්නේ රිසිට් එකකි. මේ ආය­ත­නය ලබාදෙන්නේ උපාධි සහ­ති­කය වැනි එම්බෝස් මුද්‍රා සහිත, රාමු කර­ගත හැකි ප්‍රමා­ණයේ සහ­ති­ක­යකි. අප මේ තාක් කල් බැංකු සමඟ සිදු කළේ මොන ගනු­දෙනු ද කියා ජන­යාට වහා කේන්ති­යක් උප­දින්නේ මෙවන් සිද්ධි දෙක තුනක් දකින විටය. ඒවා කටින් කට ප්‍රචා­රය වන්නේය. ඒ ආකා­ර­යට අවු­රු­ද්දක් පමණ ගත වන විට, වැඩේ පත්තු වෙන්නේ වැල­ටය.

කුරු­ණෑ­ගල පිර­මීඩ මූල්‍ය ආය­ත­නයේ තැන්ප­ත්ක­රුවෝ 2,500ක් පමණ මුදල් තැබූහ. වැඩේ නැඟලා යන්නේ මේ ආකා­ර­යෙන් තැන්පත් කරන ලද මුද­ලින් නග­රයේ මහල් නිවාස සංකී­ර්ණ­යක් ඉදි­කි­රීම, ප්‍රදේ­ශයේ විශාල ඉඩම් දෙකක් මිල දී ගැනීම ආදි­යෙන් සිය ආයෝ­ජන පල­ද­රන බව ජන­යාට පෙනී යෑම නිසාය. ඔහොම පෙනී ගොස් ටික දිනක් ගත­වෙන විට, ආයෝ­ජන භාර­ගත් සමා­ගමේ පුද්ග­ලයා නොපෙනී ගියේය.

තමන් කළ මෝඩ­කම් පැත්තක දමා, ආණ්ඩු­වට සහ මහ බැංකු­වට ජනයා බනි­න්නට පටන් ගන්නේ මේ සම­ඟය. පරී­ක්ෂණ සිදු කිරී­මෙන් අන­තු­රුව, වංචා කළ මුදල රුපි­යල් කෝටි දාහ­කට අධික බව පොලි­සිය සොයා ගත්තේය.

ආගිය අතක් නැතිව හුන් මේ ආයෝ­ජන භාර­ගත් තැනැත්තා හෙවත් පිර­මීඩ ජාවා­ර­ම්කරු ඊයේ කටු­නා­ය­කින් මෙර­ටට ගොඩ බසිද්දී අත්අ­ඩං­ගු­වට පත්විය. ඔහුගේ භාර්යාව ද මාංචු දමා දැන් රැගෙන ගොස් ඇත.

මේ එක් උදා­හ­ර­ණ­යක් හෙයින්, දුක් මහ­න්සි­යෙන් හරි හම්බු කර­ගත් දෑ වතුරේ නොද­මන ලෙස මේ තීරුව ජන­යා­ගෙන් ඉල්ලා සිටි­න්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT