Monday, April 21, 2025
Home » නවලෝක උසස් අධ්‍යාපන ආයතනයට දශකයක්

නවලෝක උසස් අධ්‍යාපන ආයතනයට දශකයක්

by damith
November 9, 2024 1:07 am 0 comment

ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් හැදෑරීමේ අවස්ථාව ලබාදීමේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන සැපයුම්කරුවකු වන නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS) පසුගියදා සිය 10 වන සංවත්සරය සමරනු ලැබීය. 1945 වසරේදී ආරම්භ කළ නවලෝක සමූහ ව්‍යාපාරයට අයත් NCHS අධ්‍යාපන පරතරය අවම කරමින් ඔබේ ළඟටම උසස් අධ්‍යාපන පහසුකම් ගෙන ඒමේ අරමුණින් යුතුව ආරම්භ කරනු ලැබීය. අධ්‍යාපනය සහ ජාතික බලපෑම සඳහා දැක්මක් 2024 වසරේදී සෞඛ්‍ය සේවයේ සිට අධ්‍යාපන සේවය දක්වා සේවාවන් ව්‍යාප්ත කළ නවලෝක සමූහය ශ්‍රී ලාංකිකයින් වෙත ගුණාත්මක අධ්‍යාපන අවස්ථාවන් ලබාදීම වෙනුවෙන් NCHS පිහිටුවනු ලැබීය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නවලෝක සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සඳහන් කර සිටියේ “සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය අත්වැල් බැඳගනිමින් ආරම්භ කරනු ලැබූ නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ අරමුණ වූයේ මෙරට සිසුන්ට රට හැර යාමකින් තොරව පහසු මිලකට ගුණාත්මක අධ්‍යාපන අවස්ථාවන් උදා කර දීමයි. බොහෝ සිසුන්ට විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට ආර්ථික ශක්තියක් නොමැති අතර, ඔවුන්ට ශ්‍රී ලංකාව තුළදීම එම අධ්‍යාපන අවස්ථාවන් සපුරා ගැනීමට මින් අවස්ථාවක් උදා වනවා” යනුවෙනි.

එතැන් සිට වාර්ෂිකව සිසුන් සිය ගණනකගේ අධ්‍යාපනය සිහිනය සැබෑ කර ගැනීමේ අවස්ථාව සලසා දුන් NCHS ඔස්ට්‍රේලියාව, මැලේසියාව, කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය යන රටවල පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී ඔවුන්ගේ උපාධිය සම්පූර්ණ කර ගැනීමේ අවස්ථාවද උදා කර දී ඇත. දැරිය හැකි ගාස්තුවකට, ගුණාත්මක අධ්‍යාපනයක් මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයන් වෙත බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය සීමාසහිත වන බැවින්

දක්ෂයින් දහස් ගණනකට සරසවි වරම් අහිමි වන අතර, ඔවුන් විවිධ අධ්‍යාපනික විකල්පයන් සෙවීමට කටයුතු කරති. සෑම වසරකම මේ තත්ත්වය එක ලෙස දැකිය හැකිය. සිසුන්ගේ මෙම අවශ්‍යතාවයන් අනුව ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ එක් වීමට කටයුතු කළ NCHS ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවේ Swinburne තාක්ෂණික විශ්වවිද්‍යාලය සමඟ එක් වූ අතර, එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් ගෝලීය විශ්වවිද්‍යාල රැසක් සමඟ සහයෝගිතා ගොඩනඟා ගැනීමටද සමත්ව සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ NCHS හි නියෝජ්‍ය සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි වික්ටර් රමනන් මහතා “අපට අවශ්‍ය වුණේ සෑම දරුවෙකුටම ප්‍රවේශ විය හැකි ගුණාත්මක අධ්‍යාපන සේවාවක් දැරිය හැකි ගාස්තුවකට ලබාදීමටයි. මේ හරහා ශ්‍රී ලංකාවේ හෝ විදේශයන්හි ඉංජිනේරු, කළමනාකරණ, තොරතුරු තාක්ෂණ සහ සෞඛ්‍ය විද්‍යා යනාදී ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සිසු සිසුවියන් වෙත සුවිසල් අවස්ථාවක් නිර්මාණය කර දීමට අපි කටයුතු කර තිබෙනවා” යනුවෙන් පවසා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT