Monday, April 21, 2025
Home » විදෙස් සංචිත බිලියන 6.4කින් ඉහළට

විදෙස් සංචිත බිලියන 6.4කින් ඉහළට

by damith
November 9, 2024 1:10 am 0 comment

මෙරට සාමාන්‍ය විදෙස් සංචිත ප්‍රමාණය ඔක්තෝබර් මාසය අවසන් වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 474කින් වැඩිවී එහි සමස්ත අගය ඩොලර් බිලියන 6.4 දක්වා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ දළ විදේශ සංචිත සෑදී ඇත්තේ මහ බැංකුවේ මූල්‍ය සංචිත සහ ණයවලින් ලැබෙන මූල්‍ය සංචිත එක්වීමෙනි. පසුගිය මුදල් අර්බුදයේ උච්චතම අවස්ථාව වන විට ඩොලර් බිලියන 4.6කින් ඍණාත්මකව පැවති මහ බැංකුවේ ශුද්ධ සංචිත සැප්තැම්බර් මාසය වන විට බිංදු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ඉන්දියානු සංචිත බැංකුවේ ණය ප්‍රමාණයක් නැවත ගෙවන අතරතුර වීමත් වැදගත් කරුණකි. ශ්‍රී ලංකා මහ බැංකුව වසර දෙකකට වැඩි කාලයක් අවධමනකාරී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් ගෙවුම් ශේෂ අතිරික්තයන් ඇතිවී තිබේ.

මූල්‍ය අර්බුදය හේතුවෙන් වර්ධනයවූ උද්ධමනය නැවත හැරවීම හෙවත් අවධමනකාරී තත්ත්වයක් ඇතිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා හේතුවෙන් රුපියල ශක්තිමත් කිරීමට හැකිවී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT