මෙරට පළමු වතාවට පාලකයාගේ අපේක්ෂාව සහ පුරවැසියාගේ අපේක්ෂාව එකක් බවට පත්ව තිබෙන බව ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ජගත් මනුවර්ණ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා මහනුවර, අනුරගම පැවැති ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මීට පෙර සිටි අත්දැකීම් සහිත යැයි කියන පාලකයන් ඒ අයගේ සාක්කු පුරවා ගනිද්දී රටේ ජනතාව පාරට වැටුණා. පාට, පක්ෂ භේදයකින් තොරව සියලු ජාතීන් එකතු කරගෙන ජනතාව බලාපොරොත්තු වන ලස්සන රටක් හදන්න අපි ලෑස්තියි. ජාතික ජන බලවේගයේ අපි ජනාධිපතිවරයෙක් හදලා තියෙනවා. බහුතරයක් සහිතව මහමැතිවරණය ජයගෙන ශක්තිමත් ආණ්ඩුවක් හදනවා. දැන් දිනුම අපේ අතේ තිබෙන්නේ. මේ ජයග්‍රහණයත් සමඟ මේ රටේ ඉරණම වෙනස් කරන ගමන අපි ආරම්භ කරනවා.
පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ දේශපාලන ගමන් මඟ තීරණාත්මක ලෙස වෙනස් වුණා. අනුර කුමාර දිසානායක සහෝදරයා මේ රටේ ජනාධිපතිවරයා විදිහට පත්කර ගැනීමෙන් මේ රට අවුරුදු හැත්තෑ හයක් පුරා අරගෙන ආ ඒ අශිෂ්ට, අසංස්කෘතික දේශපාලන සංස්කෘතිය වෙනස් වුණා. මේ මහමැතිවරණය කියන්නේ අපේ අනාගත ඉරණම තීරණය කරන ඉතාමත් තීරණාත්මක මැතිවරණයක්. ගෝඨාභය රාජපක්ෂ, ජනතාව ජනාධිපති පුටුවේ වාඩි කළේ හැට නව ලක්ෂයක ඡන්ද පදනමක් එක්ක. මහමැතිවරණයේදී ඔවුන්ට තුනෙනේ දෙකේ බලයක් ලැබුණා. නමුත් ජනතාවගේ අභිලාෂයන්, අපේක්ෂාවන් ඉටු කරන්න ඔවුන්ට බැරි වුණා. ජනතා අභිලාෂයන් අමු අමුවේ පාවා දුන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ රටේ ජනතාව ගෙදර යැව්වා. මේ රටේ පුරවැසි බලය පාලකයන් තේරුම් ගත්තේ අරගලයත් සමඟ. දැන් මොන මොන කතා කිව්වත් මේ රටේ පළමු වතාවට බහුජන අරගලයකින් ජනාධිපතිවරයෙක් පලවා හැරපු පළමු අවස්ථාව එයයි.”