Home » පාසල් අධ්‍යාපන කටයුතු සඳහා වට්ස්ඇප් යොදා ගැනීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්

පාසල් අධ්‍යාපන කටයුතු සඳහා වට්ස්ඇප් යොදා ගැනීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්

by yasara
November 8, 2024 5:07 pm 0 comment

පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා ‘සමාජ සන්නිවේදන යෙදවුම්’ භාවිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එම අමාත්‍යංශ ලේකම්, ජේ.එම්.ටී ජයසුන්දර මහත්මිය විසින් අදාළ චක්‍රලේඛය සියලූම විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇත.

මෙම චක්‍රලේඛයට අනුව  කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පාසල් සිසුන්ට අතපසු වූ අධ්‍යාපන අවස්ථා ආවරණයට වට්ස්ඇප්, වයිබර් හා ටෙලිග්‍රෑම් වැනි සමාජ සන්නිවේදන මෙවලම් භාවිත කිරීම හඳුන්වා දුන් අතර මේ වනවිටත් එම යෙදවුම් දරුවන් භාවිත කරමින් සිටියි

මේ හේතුවෙන් ඇති වෙන අහිතකර බලපෑම් සම්බන්ධයෙන් මේ වනවිට අමාත්‍යංශයට තොරතුරු වාර්තා වෙමින් පවතින බව අදාළ ලිපියේ සඳහන් වෙයි

ඒ අනුව සන්නිවේදන යෙදවුම් භාවිතයේ දී චක්‍රලේඛයේ දක්වා ඇති උපදෙස් පරිදි කටයුතු කරන ලෙස සියලු ගුරුවරුන් හා අදාළ පාර්ශවයන් වෙත දැනුම්දී තිබේ.

Ministry_of_Education_-_Final

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT