ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී ඊයේ (07) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දස දෙනෙකු (10) සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙයි.
ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින්, මන්නාරම සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින් මෙම පිරිස හසු කර ගෙන තිබෙයි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 18 ත් 44 ත් අතර වයසේ පසුවන මන්නාරම, තාවුල්පාඩු, කල්පිටිය සහ කීරෙ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.