Home » පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට නවක සිසුන් 237 ක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට නවක සිසුන් 237 ක්

by yasara
November 8, 2024 2:35 pm 0 comment

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2023/ 2024  කණ්ඩායමට අලුතින් ඇතුළත් වූ නව සිසු කණ්ඩායම පිළිගැනීම පසුගිය දින එම වෛද්‍ය පීඨයේදී  සිදුවිය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික විද්‍යා දේශන රඟහලේදී  (physiology lecture theatre) මෙම පිළිගැනීමේ උත්සවය පැවැත්විණි.

මෙම නව සිසු කණ්ඩායමට සිසුන් 237 ඇතුලත් වන අතර වෛද්‍ය පීඨයේ අධ්‍යයන කාලය වසර 5 කි. එය අදියර දෙකක් යටතේ සිදුවේ.

මෙම සිසුන්ට පලමු වසර 2 ක තුළදී (Pre-clinical – Anatomy,Biochemistry,Physiology) මිනිස් සිරැරේ සාමාන්‍ය ව්‍යුහය, ක්‍රියාකාරිත්වය පිලිබඳ අධ්‍යනය කරයි.පලමු වසර තුලදී කායව්‍යවච්ඡේදන දෙපාර්තමේන්තුව යටතේ පරිත්‍යාගශීලීන් විසින් ලබා දෙන සිරුරු (dead bodies) අධ්‍යනය( body dissection) මගින් සිසුන් මිනිස් සිරුරේ සියලු කොටස් පිලිබඳ තම දැනුම වැඩි දියුණු කරගනු ලබයි.

එමෙන්ම අවසන් වසර 3 තුළදී (Clinical) Pathology, Pharmacology, Parasitology, Microbiology, Forensic Medicine, Community Medicine, Psychiatry, Anesthesiology, Pediatrics, Surgery, Obstetrics & Gynecology, Medicine, රෝග නිර්ණය හා ප්‍රතිකාර පිළිිබද අවශ්‍ය දැනුම ලබා දෙනු ලැබේ.

සායනික පුහුනුව (Clinical Training) සඳහා මෙම නව වෛද්‍ය සිසුන් මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, ගම්පොල ශික්ෂණ රෝහල,  නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල ,මාවනැල්ල මූළික රෝහල,  සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල වැනි රෝහල් වලට යොමු කෙරේ.

පාඨමාලාව ආරම්භයේදී පුහුණු ගුරුවරුන් විසින් සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය සඳහා මාස 3 ක් වැනි කාලයක් ඉංග්‍රීසි පාඨමාලාවක් දියත් කිරීමටද පියවර ගනු ලබයි.

මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුළපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත්, වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් නානයක්කාර, යන මහත්වරුන් මෙන්ම මහාචාර්යවරු, ආචාර්යවරු, මහනුවර, පේරාදෙණිය, ගම්පොල, නාවලපිටිය,මාවනැල්ල,  සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල වැනි රෝහල් වල අධ්‍යක්ෂවරු, වෛද්‍යවරුන්, සිසුන්, දෙමව්පියන් මෙන්ම විශාළ පිරිසක් සහභාගී වූහ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT