දලුව ශ්‍රී අන්තර් සමුද්‍ර පිරිවෙන් විහාරයේ කඨින පින්කමට සමගාමීව කුලදරුවන් තිදෙනකු සසුන්ගත කිරීම එම විහාරස්ථානයේ ඉකුත් (06) වැනිදා සිදුවිය. එම විහාරයේ විහාරාධිපති සහ පරිවෙණාධිපති, පුත්තලම දිසාවේ ප්‍රධාන සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් විසින් සුබ නැකතින් කුලදරුවන් සසුන්ගත කළ අතර, සත්‍යශීලන් ෂෙවෝන් චන්ද්‍ර කුමාර කුලදරුවා පූජ්‍ය මොරටුවේ සුමනතිස්ස නමින් ද, සුසිත් මධුශංක කුලදරුවා පූජ්‍ය කටුනේරියේ අත්ථදස්සි නමින් ද, මොහමඩ් මුආන් කුලදරුවා පූජ්‍ය පුත්තලමේ ස්වර්ණජෝති නමින් ද සසුනට එක්වූහ. මෙහිදී බොදුනු, හින්දු සහ ඉස්ලාම් ආගමික කුලදරුවන් තිදෙනෙකු මෙසේ බුදු සසුනේ පැවිදි දිවියට පිවිසීම විශේෂත්වයක් විය. මෙම අවස්ථාවට වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඉත්තෑපාන සුමන හිමියන් ද එක්ව සිටියහ.
විවිධ ආගමික කුල දරුවෝ තිදෙනෙක් සසුන්ගත වෙති
by mahesh
November 8, 2024 1:00 am
0 comment
කල්පිටිය සමූහ - කුමාරි පද්මලතා සහ බෙන්තොට - එස්. මද්දෙවිතාන
45
මීලඟ පුවත