Monday, April 21, 2025
Home » ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් හා ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් හා ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

by mahesh
November 8, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් Andalib Elias මහතා පෙරේදා (06) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි බංග්ලාදේශ මහකොමසාරිස්වරයා ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගෙන සුහද කතාබහක නිරත විය. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම ගැන ද මෙහිදී සාකච්ඡා විය. මේ අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු Md Shafiul Bari ද මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT