Home » රට සුරා සහ සිගරැට් පිටකොටුවේදී අල්ලයි

රට සුරා සහ සිගරැට් පිටකොටුවේදී අල්ලයි

by mahesh
November 8, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය මත්පැන් බෝතල් 210ක් සහ දුම්වැටි 50,000ක් සමඟ ව්‍යාපාරිකයකු පිටකොටුව පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (06) සවස අත්අඩංගුවට ගනු ලැබීය.

පිටකොටුව පොලිස් වසමේ 03වැනි හරස් පාරේ සිදුකරනු ලැබූ වැටලීමකදී මෙම මත්පැන් සහ දුම්වැටි තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පිටකොටුව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 54ක් වයසැති කොළඹ 10, රජ පොකුණ පාරේ පදිංචිකරුවකු බව පොලිසිය සඳහන් කරයි.

පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT