Monday, April 21, 2025
Home » කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට මහල් 10ක ගොඩනැඟිල්ලක්

කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට මහල් 10ක ගොඩනැඟිල්ලක්

ඉදිකිරීමේ අවබෝධතා ගිවිසුමටත් අත්සන්

by mahesh
November 8, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත සහ රන්මලී සෝමසිරි

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකය වෙනුවෙන් මහල් දහයක නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගියදා (05) ආරක්ෂක අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි.

මේ නව ගොඩනැඟිල්ල ඉදිකිරීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, clours of courae trust (guarantee) limitedහි මහේල ජයවර්ධන හා ඩයන් ගෝමස් මහත්වරුන් අතර අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණු අතර ශ්‍රී ලංකා යුද හමුදාව ඊට අවශ්‍ය ශ්‍රම දායකත්වය නොමිලේ සපයයි.

ඊට අදාළ නීතිමය ලියකියවිලිවලට අත්සන් තැබීම ද ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුකෙරිණි. මහේල ජයවර්ධන මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ පිහිටුවන ලද මේ පදනම මගින් මේ ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් සැපයේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි එයාර් වයිස් මාෂල් පද්මන් ද කොස්තා, නීති උපදේශක එයාර් කොමඩෝර් සුරේඛා ඩයස් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT