ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ මහේන් පෙරේරාගේ නිෂ්පාදනයක් වූ “මන්දාරා” සිනමා පටය ආදායම් වාර්තා තබමින් දිවයින පුරා පේ්රක්ෂක ප්‍රතිචාර මැද දින100 පසුකරයි.
බිමල් ජයකොඩි, සේමිණී ඉද්දමල්ගොඩ, චූලක්ෂි රණතුංග, චාන්දනී සෙනවිරත්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, නයනා හෙට්ටිආරච්චි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මේඝ සූරියආරච්ච්, ඩිනක්ෂි ප්‍රියසාද්, චින්තක වාස් ඇතුළු රංගන ශිල්පීන් සමඟ අංජනා සත්‍යාංගනී, චනුම් ජයකොඩි, කසුන් මලිත්, මල් මන්දිව්, මෙතික නවීන්, කවිෂ උදාර ළමා රංගන ශිල්පීහු රංගනයෙන් එක්වෙති.
ශාන්ති දිසානායකගේ “මෞලි” ටෙලියකට
ග්රන්ථ ප්රකාශනයක් ලෙස මුද්‍රිත මාධ්‍යයෙන් නිකුත් වූ ශාන්ති දිසානායක මහත්මියගේ ‘මෞලි’ නවකතාව ශ්‍රව්‍ය – දෘශ්‍ය මාධ්‍යයෙන් ඔබ පිනවීම සඳහා ටෙලිනාට්‍යයකට නැඟේ.
මීට පෙර ‘වියළි’ නමින් අති සාර්ථකව ටෙලි පෙරළියක් කළ ‘අයන්න යට’ කණ්ඩායම විසින් මෙවරත් ඒ සඳහා ප්රස්තුත කරගෙන ඇත්තේ ‘මෞලි’යි. මෙය දිලූපා නිරෝෂණී ද අල්විස්ගේ නිෂ්පාදනයකි, ෂර්ලි පී දෙලංකාවල අධ්‍යක්ෂණය කරයි. සමන්ත කුමාර ගමගේ තිර රචනයකි. ‘මෞලි’ ළඟදීම ඔබ ආලින්දයෙන් දැකගත හැකි වෙයි.
“ගව් දහසක්” ළඟදීම
ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්යක්ෂ කුමාරසිරි අබේකෝන් නිර්මාණය කරන සංජය කොඩිකාර නිෂ්පාදනය කරන “ගව් දහසක්” ප්‍රාසාංගික ටෙලි නාට්‍යය දෙසැම්බර් මුල් සතියේ සිට රූපගත කිරීමට නියමිතය. 1999 කාල වකවානුව තේමා කර ගනිමින් එවකට රටේ පැවති භීෂණ වාතාවරණයට මැදි වූ ප්‍රමිතා නම් අභීත පත්තරකාරියගේ චරිතය වටා සම්බන්ධ වන විවිධ චරිත සමඟ ගැටගැසුණු අපූර්ව කතාවක් මෙම ටෙලිනාට්‍යයට පාදක වී ඇත. මෙය පාලිත පෙරේරාගේ තිර රචනයකි. රොෂාන් පිලපිටිය, තාරුකා වන්නිආරච්චි, වත්සලා දියලගොඩ, ග්‍රෙස් ආරියවිමල්, ඩී.බී. ගංගොඩතැන්න, නිරෝෂන් විජේසිංහ, සංජය කොඩිකාර, ගාමිණී ජයලත්, මේධා ජයරත්න, රංගි රාජපක්ෂ, නිමල් පල්ලෙවත්ත ආදී නළු නිළියෝ රැසක් සහභාගි වෙති. මෙහි කලා අධ්‍යක්ෂණය බන්දුල විජේසූරිය, සංස්කරණය බුද්ධික ගුණදාස සහ කැමරාකරණය උපුල් ප්රියාන්ගෙනි.
අමිල සෙනෙහස 15 දා
නොයෙල් ජයමහ සහ ගාමිණී හේවාවිතාරණ අධ්‍යක්ෂණය කරන සංසාර වන්දනා පෝදින නාට්‍ය මාලාවේ දෙවන කතාංගය ‘අමිල සෙනෙහස’ ලබන 15 වන පෝදා සවස 4 ට TNL සූප්‍රීම් ටීවී නාළිකාවෙන් විකාශය වේ. මෙහි කතාව, දෙබස්, තිර රචනය නිල්මිණි වහින්ද්රසින්ගෙනි. මෙය නිෂ්පාදනය කුමාරි දිසානායක, කැමරා අධ්‍යක්ෂණය චානක සේනාධීර වන අතර කලා අධ්‍යක්ෂණය බන්දුල විජේසේකර විසිනි. වේශ නිරූපණය පාලිත මහින්දලාල්ය. සහාය කැමරාකරණය සනිදු එස්. වැල්ලවාය, ආලෝකකරණය සම්පත් තාරක, ශබ්ද පටිගත කිරීම ඉන්දික බාලසූරිය, ශබ්ද පටිගත කිරීමේ සහාය ඉරංග සමරකොන් ගෙනි. උදය කුමාරි, රංජිත් දිසානායක, නිම්මි මනෝහාරි, කුමාරි දිසානායක, විනුරි රවින්ඳි විජේසේකර, පවන්ත හපුතන්ත්‍රි, කෞෂාල් සංජය පෙරේරා, විතානගේ ප්‍රදීප් ස්වර්ණා වීරසිංහ, සරත් කුමාර, පතිරණ ලලිත් ලොකුබණ්ඩා සහ සශිකා තුෂාරි අධිකාරි රංගනයෙන් දායක වෙති.
මෙහි සංගීත අධ්‍යක්ෂණය අනුරාධ අබේසිංහය. ගීත ගායනය – විශාරද චන්ද්‍ර කල්යාණිගෙනි. ජයවීරගේ සංස්කරණය – දනාල් තිරාංජනගෙනි.
“වලඹගිනි” අදයි
සංගීත විශාරද කුමාරි දසනායක පිටපත රචනා කොට අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරනු ලබන ‘වලඹගිනි’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය අද (08) වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී ප. ව. 06.30ට වේදිකාගත කෙරේ. මීට සරත් කුලාංග, රජිත රොද්‍රිගු, අනූෂා හෙලන්, රෝහණ හෙට්ටිආරච්චි, රොෂාන් කඳුරුවාන ඇතුළු රංගන ශිල්පීහු රැසක් රංගනයෙන් එක්වෙති.
සිරිමාවෝ ළමා දින සැමරුමට සනත් විමලසිරි
ප්‍රවීණ රූපණවේදී සනත් විමලසිරිගේ සහාභාගිත්වයෙන් කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ ලෝක ළමා දින සැමරුම් උත්සවය හා ප්‍රසංගය පසුගියදා පැවැත්විණි. එයට සමගාමීව විදුහල්පතිවරිය වන ආචාර්ය ජේ. සුමේධා ජයවීර විසින් සෙල්ලම් මිදුල ද සිසු අයිතියට පවරන ලදි. ඒ සඳහා විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් සහ සහකාර විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහභාගි වූහ.
එහිදී සිසුවියන් සහ විදුහල්පතිවරිය සනත් විමලසිරිට ඔහුගේ රුව සහිත සමරු සිතුවමක් ද පිරිනැමීය.
අන්තර් පාසල් සමස්ත ලංකා තරගාවලියේ තබ්ලා වාදනයෙන් ප්‍රථම ස්ථානය
2024 වර්ෂයේ අන්තර් පාසල් සමස්ත ලංකා තරගාවලියේ දී කනිෂ්ඨ අංශයේ ගැහැනු ඒකල තබ්ලා වාදනයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අනුරාධපුර කැකිරාව අධ්‍යාපන කලාපයේ මුරුංගාහිටිකන්ද විදුහලේ ඉගෙනුම ලබන යසස්වී යශෝදරා කොඩිතුවක්කු සිසුවියට හැකි විය. දශක හතක එම පාසලේ ඉතිහාසය තුළ සමස්ත ලංකා ජයග්‍රහණයක් එම විදුහලට හිමි වූ ප්‍රථම අවස්ථාව එය විය. එම විදුහලෙහි වත්මන් සංගීත ආචාරිනී දිනූකා වින්ධ්‍යා සමරකෝන් මහත්මියගේ මඟපෙන්වීම එම ජයග්‍රහණයට ඉවහල් ව තිබූ අතර සහය වාදනයෙන් තමෝදිකා මධුශානි සිසුවිය සහ උත්තරා ඉඳුවරී සිසුවිය දායක වී තිබිණි.
“රොකට්” අද සවස 04.00ට
රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් හා අධ්‍යක්ෂණයෙන්ද හා ස්වර්ණ හංස සිනමා සංසදයේ නිෂ්පාදනයවූ රොකට් සිනමා පටයේ විශේෂ දර්ශනයක් අද (08) ප.ව.04.00ට වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී පැවැත්වේ.
“කම්බිලි” දින 75 පසු කරයි
ප්‍රසාද් කළුපහන අධ්‍යක්ෂණය කළ නිශාන්ත ගල්හේනගේ නිෂ්පාදනයක් වු ‘කම්බිලි’ සිනමා පටය ආදායම් ලබමින් දින 75 පසුකරයි. දින 75 පසු කරනවිටත් දිවයින පුරා සිනමා ශාලා රැසක සාර්ථක ලෙස ප්‍රදර්ශනය වේ. අමිල කරුණානායක, නෙත්මි රොෂෙල්, නීටා ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, ධර්මප්‍රිය ඩයස්, සනත් ගුණතිලක, සුජානි මේනකා, දේව් සුරේන්ද්‍ර, සමිත සුදිරංග මෙහි රංගනයෙන් එක්වෙති. ගායනයෙන් සේනානායක වේරලියද්ද, කාංචනා අනුරාධි, බාචි සුසාන්, රයිනි චාරුකා, ඉෂාන් ලන්ත්‍රා, ගයාන් ගුණවර්ධන හා ටෂ්නි පෙරේරා එක්වෙති.
ඡායාරූප තරගයට නිර්මාණ භාර ගැනේ
රාජ්‍ය ඡායාරූප උපදේශක සේවා සංගමය විසින් පැවැත්වීමට නියමිත ඡායාරූප තරගය හා ප්‍රදර්ශනය සඳහා ඡායාරූප භාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
මේ සඳහා ඉදිරිපත් කළ හැකි මාතෘකාවන්නේ, වැස්ස සහ වැස්සට පෙර හා පසු ලබාගන්නා ලද වැස්සේ සෞන්දර්යාත්මක බව හැඟවෙන අයුරු හා ඡන්දය මාතෘකා කොටගත් නිර්මාණාත්මක බව විදහා දැක්වෙන ඡායාරූපයි. නිර්මාණ භාරගන්නා අවසන් දිනය මෙම මස 30 වැනි දිනෙන් අවසන් වේ. තමන් සතු ඕනෑම කැමරාවකින් ගන්නා ලද ඡායාරූප තරගය සඳහා ඉදිරිපත් කළ හැකිය.
ඡායාරූප, තරගය සඳහා ඉදිරිපත් කරන තරගකරුවන් සඳහා 0717552522 වට්ස්ඇප් හරහා වැඩි විස්තර ලබාගත හැකිය.
රුක්මලේ බාලිකාවේ සංගීතමය වැඩසටහනක්
රංගන ශිල්පීනී රශ්මි සංගීතා විසින් සංවිධානය කරනු ලබන සංගීතමය වැඩසටහනක් 12 වැනි අඟහරුවාදා සවස 3.30-5.30 දක්වා පැවැත්වේ. මෙයට කලාකාමී ඔබට ද සහභාගි විය හැකියි.
රුක්මලේ බාලිකා නිවාසයේ දැරියන්ගේ මානසික සුවතාව මෙයින් අපේස්ෂා කෙරේ.