Monday, April 21, 2025
Home » උප­නන්ද-බොන­විස්ටා සහෝ­ද­ර­ත්වයේ සටන හෙට

උප­නන්ද-බොන­විස්ටා සහෝ­ද­ර­ත්වයේ සටන හෙට

by Gayan Abeykoon
November 7, 2024 1:13 am 0 comment

ඉෂානි යද්දෙහි
මාන­විල උප­නන්ද ජාතික පාසල් පිල
උණ­ව­ටුන බොන­විස්ටා විදු­හල් පිල

උණ­ව­ටුන බොන­විස්ටා විදු­හල් පිල

ගාල්ල නග­රය ආස­න්නව පිහිටි පාසල් ද්විත්ව­යක් වන මාන­විල උප­නන්ද ජාතික පාසල සහ උණ­ව­ටුන බොන­විස්ටා විද්‍යා­ලය අතර ‘සහෝ­ද­ර­ත්වයේ සටන’ පළමු වාර්ෂික මහා ක්‍රිකට් තර­ගය හෙට (8) ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

වසර 155ක ඉති­හා­ස­ය­කට හිමි­කම් කියන උණ­ව­ටුන බොන­විස්ටා විද්‍යා­ලය ඉතා­මත් මෑත­කදී පාසල් ක්‍රිකට් ක්‍රීඩා­වට එක්වූ අතර, අවු­රුදු 115ක ඉති­හා­ස­ය­කට හිමි­කම් කියන මාන­විල උප­නන්ද ජාතික පාසල මීට දශක 2කට පමණ පෙර පාසල් ක්‍රිකට් ක්‍රීඩා­වට එක්ව දක්ෂ ක්‍රීඩ­ක­යන් රැසක් බිහි කොට ඇත.

උප­නන්ද ජාතික පාසලේ විදු­හ­ල්පති ආරි­ය­රත්න දොල­මුල්ල මහතා සහ බොන­විස්ටා විදු­හලේ විදු­හ­ල්පති ආර්.ජී. ප්‍රේම­රත්න මහ­තාගේ උප­දෙස් සහ මෙහෙ­ය­වීම ඇතිව දිව­යිනේ පාසල් මහා ක්‍රිකට් තරග ඉති­හා­සයේ නව­තම මහා ක්‍රිකට් තර­ගය ආරම්භ කොට ඇත.

උප­නන්ද ජාතික පාසල් ක්‍රිකට් පිලේ නාය­ක­ත්වය මළිඳු තිමේෂ් දුලං­ජ­නට හිමිව ඇති අතර, බොන­විස්ටා විද්‍යාල ක්‍රිකට් පිල මෙහෙ­ය­වීමේ වග­කීම සදිල බිනු රත්නා­යක වෙත පැවරී ඇත.

මාන­විල උප­නන්ද ජාතික පාසල් සංචි­තය: මළිඳු තිමේෂ් දුලං­ජය (නායක), වෙනුර සංකල්ප, නිමන්ද ජය­ලත්, ඩිල්ෂාන් ඉඳු­මිණ, සෙනුර හේෂාන්, යෂාන් මෙත්සර, යෝමික දුල්මෙත්, සිතුම් ඉඳු­සර, පබ­සර නවිඳු, චමත් දිනු­ජය, සනුක රන්සිළු, නනිදු මෙත්සර, මිනුල මින්තරු, නිම්නෙත් උබේ­සේ­කර, කවිෂ්ක ජය­රත්න, තීක්ෂණ සඳ­රු­වන්, සත්සර ද සිල්වා, අකිල සඳ­රු­වන්, සචිත් ලක්මාල් (පුහු­ණු­කරු), රවි­ශාන් සාමංග (ක්‍රිකට් භාර ආචාර්ය).

උණ­ව­ටුන බොන­විස්ටා විදු­හල් සංචි­තය: සදිල බිනු රත්නා­යක (නායක), කුෂාන් ඉඳු­මිණ, ඔෂාර ආදිත්‍ය, යදීෂ යෙෂාන්, නිරාෂ් සඳරු, සෙතුක වඩුගේ, තෙනුක් වින්සිත, දිදුල සත්සර, අධීෂ දීමන්ත, ක්ලෙමන්ට් ඒතන්, ඩිහාන් ගයුක, ඉඳු­වර නෙත්සර, උදීෂ චතු­මින්, හෂාර ලක්ෂිත, අචිර කෝවිද, ඉමාන් දෙව්න, තුෂේන් නිළුක්ෂ, විහඟ දුශ්‍යන්ත, කෙනුර අබේ­නා­යක, ජවිරු නිම්සුක, දිනෙත් මාලිංග (පුහු­ණු­කරු), පසිඳු ශාන් (ක්‍රිකට් භාර ආචාර්ය)

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT