
උණවටුන බොනවිස්ටා විදුහල් පිල
ගාල්ල නගරය ආසන්නව පිහිටි පාසල් ද්විත්වයක් වන මානවිල උපනන්ද ජාතික පාසල සහ උණවටුන බොනවිස්ටා විද්‍යාලය අතර ‘සහෝදරත්වයේ සටන’ පළමු වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට (8) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
වසර 155ක ඉතිහාසයකට හිමිකම් කියන උණවටුන බොනවිස්ටා විද්‍යාලය ඉතාමත් මෑතකදී පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට එක්වූ අතර, අවුරුදු 115ක ඉතිහාසයකට හිමිකම් කියන මානවිල උපනන්ද ජාතික පාසල මීට දශක 2කට පමණ පෙර පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට එක්ව දක්ෂ ක්‍රීඩකයන් රැසක් බිහි කොට ඇත.
උපනන්ද ජාතික පාසලේ විදුහල්පති ආරියරත්න දොලමුල්ල මහතා සහ බොනවිස්ටා විදුහලේ විදුහල්පති ආර්.ජී. ප්‍රේමරත්න මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම ඇතිව දිවයිනේ පාසල් මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ නවතම මහා ක්‍රිකට් තරගය ආරම්භ කොට ඇත.
උපනන්ද ජාතික පාසල් ක්‍රිකට් පිලේ නායකත්වය මළිඳු තිමේෂ් දුලංජනට හිමිව ඇති අතර, බොනවිස්ටා විද්‍යාල ක්‍රිකට් පිල මෙහෙයවීමේ වගකීම සදිල බිනු රත්නායක වෙත පැවරී ඇත.
මානවිල උපනන්ද ජාතික පාසල් සංචිතය: මළිඳු තිමේෂ් දුලංජය (නායක), වෙනුර සංකල්ප, නිමන්ද ජයලත්, ඩිල්ෂාන් ඉඳුමිණ, සෙනුර හේෂාන්, යෂාන් මෙත්සර, යෝමික දුල්මෙත්, සිතුම් ඉඳුසර, පබසර නවිඳු, චමත් දිනුජය, සනුක රන්සිළු, නනිදු මෙත්සර, මිනුල මින්තරු, නිම්නෙත් උබේසේකර, කවිෂ්ක ජයරත්න, තීක්ෂණ සඳරුවන්, සත්සර ද සිල්වා, අකිල සඳරුවන්, සචිත් ලක්මාල් (පුහුණුකරු), රවිශාන් සාමංග (ක්‍රිකට් භාර ආචාර්ය).
උණවටුන බොනවිස්ටා විදුහල් සංචිතය: සදිල බිනු රත්නායක (නායක), කුෂාන් ඉඳුමිණ, ඔෂාර ආදිත්‍ය, යදීෂ යෙෂාන්, නිරාෂ් සඳරු, සෙතුක වඩුගේ, තෙනුක් වින්සිත, දිදුල සත්සර, අධීෂ දීමන්ත, ක්ලෙමන්ට් ඒතන්, ඩිහාන් ගයුක, ඉඳුවර නෙත්සර, උදීෂ චතුමින්, හෂාර ලක්ෂිත, අචිර කෝවිද, ඉමාන් දෙව්න, තුෂේන් නිළුක්ෂ, විහඟ දුශ්‍යන්ත, කෙනුර අබේනායක, ජවිරු නිම්සුක, දිනෙත් මාලිංග (පුහුණුකරු), පසිඳු ශාන් (ක්‍රිකට් භාර ආචාර්ය)