Home » කුරු­ණෑ­ගල මලි­ය­දේව ක්‍රීඩි­කාවෝ පිට පිට දෙවැ­නි ­ව­ර­ටත් පාසල් නෙට්බෝල් ශූර­තාව දිනති

කුරු­ණෑ­ගල මලි­ය­දේව ක්‍රීඩි­කාවෝ පිට පිට දෙවැ­නි ­ව­ර­ටත් පාසල් නෙට්බෝල් ශූර­තාව දිනති

වසර 13ක් ශූරි­යන් වූ කුරු­ණෑ­ගල ශුද්ධවූ පවුලේ කන්‍යා­රා­මය මූලික වට­යෙන්ම ඉව­තට

by Gayan Abeykoon
November 7, 2024 1:30 am 0 comment

ප්රින්ස් ගුණ­සේ­කර මාතර උය­න්වත්ත ක්රීඩාං­ග­ණයේ සිට...
මයිලෝ පාසල් නෙට්බෝල් සමස්ත ශූර­තාව දිනා­ගත් කුරු­ණෑ­ගල මලි­ය­දේව ක්‍රීඩි­කාවෝ

නෙස්ලේ මයිලෝ අනු­ග්‍රා­හ­ක­ත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංග­මය විසින් සංවි­ධාන කළ මයිලෝ පාසල් නෙට්බෝල් තර­ගා­ව­ලියේ සමස්ත ශූර­තාව පිට පිට දෙවැනි වතා­ව­ටත් කුරු­ණෑ­ගල මලි­ය­දේව බාලිකා විද්‍යා­ලයේ දිනා ගත්තේය. මලි­ය­දේව ක්‍රීඩි­කාවෝ මෙවර ශූර­තා­ව­ලියේ 19න් පහළ, 15න් පහළ හා 13න් පහළ ශූරතා තුනම දිනා ගැනී­මට සමත් වූහ. 19න් පහළ දක්ෂ­තම ක්‍රීඩි­කා­වට හිමි සම්මා­නය මලි­ය­දේව බාලිකා විද්‍යා­ලයේ භාෂිණී උඩ‍ගෙ­දර හිමි­කර ගත්තාය.

එයට අම­ත­රව 13න් පහළ දක්ෂ­තම ක්‍රීඩි­කාව ලෙස මලි­ය­දේව බාලි­කාවේ ශෙයාරා දහම්සි, 15න් පහළ දක්ෂ­තම ක්‍රීඩි­කාව ලෙස මලි­ය­දේව බාලි­කා­වේම සෙණුමි නිමන්සා හා 17න් පහළ දක්ෂ­තම ක්‍රීඩි­කාව ලෙස මහ­නු­වර මහා­මායා බාලිකා විද්‍යා­ලයේ අයෝධ්‍යා අල­ව­ත්තේ­ගම සම්මා­න­යට පාත්‍ර වූහ.

මාතර උය­න්වත්ත ක්‍රීඩාං­ග­ණ­යේදී ඊයේ නිමා වූ මේ ශූර­තා­ව­ලිය 31 වැනි වර­ටත් නෙස්ලේ ලංකා සමා­ගමේ අනු­ග්‍ර­හ­යෙන් පැවති අතර, ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංග­මය මෙය සංවි­ධාන කළේය. අවු­රුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ වශ­යෙන් වයස් කාණ්ඩ 4ක් යටතේ ‘ඒ’ හා ‘බී’ වශ­යෙන් කාණ්ඩ දෙක­කින් තරග පැවැ­ත්විණි. වසර 13ක් අඛ­ණ්ඩව ශූර­තාව දිනා සිටි කුරු­ණෑ­ගල ශුද්ධවූ පවුලේ කන්‍යා­රා­මය මෙවර තර­ගා­ව­ලියේ මූලික වට­යෙන් ඉව­තට යෑම කැපී පෙනිණි. වඩ්ඩු­කෝඩ්ඩේ යාප­නය විද්‍යා­ලය පළමු වතා­වට මේ තර­ගා­ව­ලි­යට පැමිණ 17න් පහළ 3 වැනි ස්ථානය දිනා ගැනී­මට සම­ත්වීම ද විශේ­ෂ­ත්ව­යකි.

‘ඒ’ කාණ්ඩයේ අවු­රුදු 19න් පහළ තර­ගයේ අව­සන් මහා තර­ගය කුරු­ණෑ­ගල මලි­ය­දේව බාලිකා විද්‍යා­ලය හා කළු­තර ශුද්ධවූ පවුලේ කන්‍යා­රා­මය අතර පවත්වා ලකුණු 40 – 39ක තියුණු ජයක් හිමි­කර ගැනී­මට මලි­ය­දේව ක්‍රීඩි­කාවෝ සමත් වූහ.

අවු­රුදු 17න් පහළ අව­සන් මහා තර­ගය මහ­නු­වර මහා­මායා බාලිකා විද්‍යා­ලය හා මහ­නු­වර හිල්වුඩ් අතර පවත්වා ලකුණු 32 – 23කින් මහා­මායා බාලිකා විද්‍යා­ලය ජය හිමි­කර ගත් අතර, 15න් පහළ අව­සන් මහා තර­ග­යේදී නුගේ­ගොඩ අනුලා විද්‍යා­ලය ලකුණු 21 – 11ක් ලෙස පරා­ජය කිරී­මට කුරු­ණෑ­ගල මලි­ය­දේව බාලිකා විද්‍යා­ලය සමත් විය.

කොළඹ දේවි බාලිකා විද්‍යා­ලය සමඟ පැවති අවු­රුදු 13න් පහළ අව­සන් මහා තර­ග­යෙන් ලකුණු 8 – 6ක් ලෙස කුරු­ණෑ­ගල මලි­ය­දේව බාලිකා විද්‍යා­ලය ජය­ග්‍ර­හණ හිමි­කර ගත්තේය.

‘බී’ කාණ්ඩයේ අවු­රුදු 19න් පහළ තර­ගයේ ශූර­තාව මාතලේ සුජාතා බාලිකා විද්‍යා­ලය හා අනු­ශූ­ර­තාව ගැට්ටු­වාන මහින්ද විදු­හල දිනා ගත්තේය. එහි 17න් පහළ ශූර­තාව කුරු­ණෑ­ගල මහින්ද විද්‍යා­ලය, අනු­ශූ­ර­තාව කුලි­යා­පි­ටිය මොල­එ­ළි­පි­ටිය කනිෂ්ඨ විදු­හ­ලට හා15 න් පහළ ශූර­තාව පාදෙ­නිය සුනන්ද මහා විද්‍යා­ලය, අනු­ශූ­ර­තාව උඩි­ස්ප­ත්තුව කනිෂ්ඨ විදු­හල දිනා ගත්තේය.

ජය සංකේත ප්‍රදා­නය නෙස්ලේ ලංකා සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ බර්නාඩ් ස්ටෙපාන්, අධ්‍යක්ෂ මොහො­මඩ් අලි, අනු­ග්‍රා­හක අංශ ප්‍රධානී සජීව වික්‍ර­ම­සිංහ, ආසි­යානු නෙට්බෝල් සභා­පති වික්ටෝ­රියා ලක්ෂ්මි, අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ උපාලි අම­ර­රත්න, ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංග­මයේ සභා­පති නිරෝධා අබේ­වි­ක්‍රම යන මහත්ම මහ­ත්මීහු සහ­භාගි වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT