Monday, April 21, 2025
Home » කුඩ­ලි­ගම – හොරණ මාර්ගයේ දෙපස වල් බිහිවෙලා

කුඩ­ලි­ගම – හොරණ මාර්ගයේ දෙපස වල් බිහිවෙලා

ගමනාගම­නය අන­තු­රු­දා­ය­කයි

by Gayan Abeykoon
November 7, 2024 1:03 am 0 comment

මීග­හ­තැන්න සමූහ

අග­ල­වත්ත, කුඩ­ලි­ගම – හොරණ මාර්ගයේ ගීකි­ය­න­කන්ද පහළ කොටසේ මාර්ගය දෙපස වල් බිහි­වී­මෙන් මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන මෙන්ම මගී­න්ටද මරු කපො­ල්ලක් බව ප්‍රදේ­ශ­වා­සීහු පව­සති.

දින­කට රථ වාහන විශාල සංඛ්‍යා­වක් මෙම මාර්ගයේ දෙප­සට ගමන් ගන්නා අතර ඒවා මෙලෙස වල්බි­හිවී ඇති ස්ථයේ එකි­නෙ­කට මාරු­වී­මේදී ඉදි­රිය නොපෙ­නීම නිසා දැඩි අන­තු­රු­දා­යක තත්ත්ව­යක් ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

වල්බි­හිවූ ප්‍රදේ­ශය ආස­න්නයේ ගීකි­ය­න­කන්ද දෙමළ විද්‍යා­ලය ද පිහිටා ඇති නිසා මෙම මාර්ගයේ පයින් යන එන පාසල් දරු­වන් ද අනා­ර­ක්ෂිත බවට මවු­පි­යන් චෝදනා කරති. එම නිසා ඉක්ම­නින් මේ පිළි­බ­ඳව වග­කිව යුත්තන්ගේ අව­දා­නය යොමු­වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT