Home » මාන­සික රෝග­ය­කින් පෙළුණු දෙදරු මවගේ සිරුර නිවෙස අසල පොදු ළිඳක

මාන­සික රෝග­ය­කින් පෙළුණු දෙදරු මවගේ සිරුර නිවෙස අසල පොදු ළිඳක

by Gayan Abeykoon
November 7, 2024 1:03 am 0 comment

හල්තොට සමූහ - විනීතා මානෙල් ගමගේ

වැලි­කල, රන්පො­කුණ වත්ත පාර, ප්‍රදේ­ශයේ පොදු ළිඳක තිබි­යදී කාන්තා­ව­කගේ මළ සිරු­රක් පෙරේදා (05) සොයා ගත් බව හොරණ පොලි­සිය පව­සයි. මෙසේ මිය­ගොස් ඇත්තේ පොකු­ණු­විට, වැලි­කල, රන් පොකු­ණ­වත්ත පාර, නො. 28/2 ලිපි­නයේ පදිංචි උඩ­ව­ත්තගේ ඉරෝෂා මල්කාන්ති නමැති 50 හැවි­රිදි දෙදරු මවකි.

මිය­ගිය කාන්තාව වසර ගණ­නා­වක සිට මාන­සික රෝග­ය­කින් පෙළෙන අතර ඒ සඳහා අංගොඩ රෝහ­ලෙන් ප්‍රති­කාර ලබා­ගෙන ඇති අතර පසුව හල්තොට රෝහ­ලෙන් ප්‍රති­කාර ලබා­ගෙන තිබේ. ඇය එම බෙහෙත් සැර බව පව­ස­මින් දින­කට දෙව­රක් පමණ නාන අතර මුල් කාලයේ ඒ සඳහා ඇය වැටී සිටි ළිඳ භාවිත කර පසුව නිවෙසේ නාන කාම­රය භාවිත කර තිබේ. වරින් වර රෝගී තත්ත්වය උත්සන්න වන විට ඇය එහෙ මෙහේ ඇවි­දින බවද අනා­ව­ර­ණය වී තිබේ.

මීට සති­ය­කට පමණ පෙර සිට ඇයට රෝගී තත්ත්වය උත්සන්න වී ඇති අතර ඇඟ රස්නෙ බව පව­ස­මින් සිට ඇති බව ද පොලි­සිය පව­සයි.  ඇය පසු­ගිය 04 වැනිදා සුපු­රුදු පරිදි නිවෙසේ වැඩ කට­යුතු සිදු­කර නින්දට ගොස් ඇති අතර පෙරේදා (05) උදෑ­සන ඇය නිවෙසේ නොසිටි බැවින් ඇගේ වැඩි­ම­හල් පුතා විසින් සොයා බැලී­මේදී නිවෙ­සට මීටර් 30ක් පමණ දුරින් ඇති පොදු ළිඳේ තිබි­යදී මවගේ සිරුර සොයා­ගෙන තිබේ. මේ පිළි­බ­ඳව ඉදිරි විම­ර්ශන හොරණ මූල­ස්ථාන පොලි­සිය විසින් සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT