Home » 41 හැවි­රිදි මව දරු දෙදෙනා දමා 30 හැවි­රිදි අනි­යම් පෙම්වතා සමඟ ගිහින්

41 හැවි­රිදි මව දරු දෙදෙනා දමා 30 හැවි­රිදි අනි­යම් පෙම්වතා සමඟ ගිහින්

by Gayan Abeykoon
November 7, 2024 1:00 am 0 comment

මීගොඩ පාදුක්ක සමූහ - රෙක්සි වෙත්ත­සිංහ

මීගොඩ පොලිස් වසමේ ගොඩ­ගම ප්‍රදේ­ශයේ 41 හැවි­රිදි විවා­හක මවක තම දරු දෙදෙනා හා පවුලේ සියලු දෙනා අත­හැර 30 හැවි­රිදි අනි­යම් පෙම්වතා සමඟ ඊයේ (6) පෙර­ව­රුවේ මීගොඩ පොලිස් ස්ථාන­යෙන් පිටවී ගොස් තිබේ. එම විවා­හක කාන්තා­වගේ සැමියා විදේ­ශ­ග­තව සිටින අත­ර­වා­රයේ ඇය අනි­යම් සම්බ­න්ධ­තා­වක් ගොඩ­න­ඟා­ගෙන ඇති අතර, පෙරේදා (5) රාත්‍රියේ තම 20 හැවි­රිදි දිය­ණිය සහ 12 හැවි­රිදි පුතා නිවෙසේ තනි කර දමා නිවෙ­සින් පිටව ගොස් ඇත. දරු දෙදෙනා තමන්ගේ මව නිවෙසේ නොමැති බව ආච්චි අම්මාගේ (පියාගේ මව)  නිවෙ­සට ගොස් ඔවුන්ට පවසා තිබේ. ඔවුන් ද ඇය ගැන සොයා බලා ඇති අතර, ඇය සොයා ගැනී­මට නොහැකි බැවින් සිද්ධිය සම්බ­න්ධ­යෙන් මීගොඩ පොලි­සි­යට පැමි­ණිලි කර තිබේ.

ඊයේ (6) පෙර­ව­රුවේ එම පැමි­ණිල්ල සම්බ­න්ධ­යෙන් මීගොඩ පොලිස් ස්ථානයේ කාන්තා උප පොලිස් පරී­ක්ෂිකා තුෂාරි මහ­ත්මිය සහ පො.සැ. (7394) ජය­ති­ලක මහතා මෙම ආර­වුල විස­ඳී­මට විශාල උත්සා­හ­යක් ගනු ලැබුව ද, මෙම මව, දරු දෙදෙනා සමඟ ආපසු තම නිවෙ­සට යෑම ප්‍රති­ක්ෂේප කර අනි­යම් සැමියා සමඟ යෑමට දැඩි කැමැ­ත්තක් දැක්වීම හේතු­වෙන්, මෙම ගැට­ලුව විස­ඳී­මට මීගොඩ පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට යොමු කර ඇත. දරු දෙදෙ­නාගේ සහ පවුලේ ඉල්ලීම ඉටු­කර නැවත දරු දෙදෙනා සමඟ නි‍ෙව­සට ගොස් සම­ගි­යෙන් ජීවත් වන ලෙසට ස්ථානා­ධි­ප­ති­ව­රයා මෙම කාන්තා­වට උප­දෙස් දුන්න ද, ඇය එයට එකඟ වී නොමැත. ඒ අනුව ඔවුන්ගේ කැමැත්ත මත පොත්වල සට­හන් තබා එම විවා­හක කාන්තාව අනි­යම් පෙම්වතා සමඟ පිටව ගොස් තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT