බෙන්තොට, කෝම්මල ප්රදේශයේ දී ඊයේ (6) අලුයම තුනට පමණ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයකු මාර්ගය අයිනේ සවිකර තිබූ දුරකතන රැහැන් කණුවක හැපීමෙන් බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි.
කෝම්මල, වඩුමුල්ලේ පදිංචි එස්.ඒ. ටිරෝන් ඩිල්ෂාන් ලක්ෂිත නමැති 28 හැවිරිදි විවාහක තරුණයකු මෙසේ මියගොස් ඇත. උපන් දින සාදයකට ගොස් නිවෙසට පැමිණෙන විට මෙම අනතුර සිදුවී ඇති අතර බෙන්තොට රෝහලට ඇතුළත් කරන විටත් මෙම තරුණයා මියගොස් සිටි බව පොලිසිය පැවැසීය.
පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (6) සවස බලපිටිය මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි. බෙන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.