Home » යතු­රු­පැ­දිය දුර­ක­තන කණු­වක හැපී තරු­ණයා මරුට

යතු­රු­පැ­දිය දුර­ක­තන කණු­වක හැපී තරු­ණයා මරුට

by Gayan Abeykoon
November 7, 2024 1:00 am 0 comment

බෙන්තොට බෙන්තොට - එස්. මද්දෙ­වි­තාන

බෙන්තොට, කෝම්මල ප්‍රදේ­ශයේ දී ඊයේ (6) අලු­යම තුනට පමණ යතුරු පැදි­ය­කින් ගමන් කර­මින් සිටි තරු­ණ­යකු මාර්ගය අයිනේ සවි­කර තිබූ දුර­ක­තන රැහැන් කණු­වක හැපී­මෙන් බර­ප­තළ තුවාල ලබා මිය­ගොස් ඇතැයි බෙන්තොට පොලි­සිය පව­සයි.

කෝම්මල, වඩු­මුල්ලේ පදිංචි එස්.ඒ. ටිරෝන් ඩිල්ෂාන් ලක්ෂිත නමැති 28 හැවි­රිදි විවා­හක තරු­ණ­යකු මෙසේ මිය­ගොස් ඇත. උපන් දින සාද­ය­කට ගොස් නිවෙ­සට පැමි­ණෙන විට මෙම අන­තුර සිදුවී ඇති අතර බෙන්තොට රෝහ­ලට ඇතු­ළත් කරන විටත් මෙම තරු­ණයා මිය­ගොස් සිටි බව පොලි­සිය පැවැ­සීය.

පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සහ හදිසි මරණ පරී­ක්‍ෂ­ණය ඊයේ (6) සවස බල­පි­ටිය මූලික රෝහ­ලේදී සිදු කිරී­මට නිය­මි­තව තිබිණි. බෙන්තොට පොලි­සිය වැඩි­දුර පරී­ක්ෂණ සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT