කඩුවෙල ප්‍රාදේශීය සාහිත්‍ය උලෙළ අති උත්කර්ෂවත් අයුරින් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රත්නසිරි අරංගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවය විවිධ සංස්කෘතික අංගවලින් අලංකාර විය.
කඩුවෙල ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා විසින් පිළිගැනීමේ කතාව කිරීමෙන් අනතුරුව ආරම්භ වූ වැඩසටහනේදී ප්‍රවීණ කතුවර රොඩ්නි විදානපතිරණ, සංගීතවේදී දිලාන් ප්‍රියසාද්, ප්‍රවීන රංගවේදිනී දේවිකා සුරම්‍යා දිවියාගල යන කලාකරුවන්ට උපහාර පිදීම සිදුවිය. මෙම සාහිත්‍ය උත්සවය මාර්ටින් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වෙන්කර තිබුණි. මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස මහාචාර්ය කේ.ඩී. පරණවිතාන, මහාචාර්ය රෝහිනී පරණවිතාන, මාර්ටින් වික්‍රමසිංහ ගුණසමරු පදනම වෙනුවෙන් මාලන් වික්‍රමසිංහ, සීතාවක, කෝට්ටේ ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර ප්‍රාදේශීය ලේකම් ධම්මිකා සද්ධාසේන, අවට පාසැල්වල විදුහල්පතිවරු, සංස්කෘතික නිලධාරීන් වන ගයානි රණතුංග, නිශාන්ත ලියනගේ, ආපදා සහන සේවා නිලධාරි ගුණසේන කළුආරච්චි යන මහත්ම මහත්මීන් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර විකුම්සිහ ආවර්ජනා සාහිත්‍ය තරගවල ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට තිළිණ සහ සහතික පත් බෙදා දීමද සිදුවිය. උලෙළ මෙහෙයවීම අරුණ විමලසූරිය සහ ප්‍රියංකා නාහිටිය විසින් සිදු කළහ.