Home » කඩු­වෙල ප්‍රාදේ­ශීය සාහිත්‍ය උලෙළ ජය­ටම

කඩු­වෙල ප්‍රාදේ­ශීය සාහිත්‍ය උලෙළ ජය­ටම

by Gayan Abeykoon
November 7, 2024 1:02 am 0 comment

නව­ග­මුව සමූහ සුගත් ප්රේම­ති­ලක

කඩු­වෙල ප්‍රාදේ­ශීය සාහිත්‍ය උලෙළ අති උත්ක­ර්ෂ­වත් අයු­රින් පසු­ගි­යදා ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල­යීය ශ්‍රව­ණා­ගා­රයේ දී පැවැ­ත්විණි. ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය රත්න­සිරි අරං­ගල මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැති උත්ස­වය විවිධ සංස්කෘ­තික අංග­ව­ලින් අලං­කාර විය.

කඩු­වෙල ප්‍රාදේ­ශීය ලේකම් සම්පත් ඉඩ­ම්ගො­ඩගේ මහතා විසින් පිළි­ගැ­නීමේ කතාව කිරී­මෙන් අන­තු­රුව ආරම්භ වූ වැඩ­ස­ට­හ­නේදී ප්‍රවීණ කතු­වර රොඩ්නි විදා­න­ප­ති­රණ, සංගී­ත­වේදී දිලාන් ප්‍රිය­සාද්, ප්‍රවීන රංග­වේ­දිනී දේවිකා සුරම්‍යා දිවි­යා­ගල යන කලා­ක­රු­වන්ට උප­හාර පිදීම සිදු­විය. මෙම සාහිත්‍ය උත්ස­වය මාර්ටින් වික්‍ර­ම­සිංහ මහතා වෙනු­වෙන් වෙන්කර තිබුණි.  මෙම අව­ස්ථා­වට විශේෂ ආරා­ධි­ත­යන් ලෙස මහා­චාර්ය කේ.ඩී. පර­ණ­වි­තාන, මහා­චාර්ය රෝහිනී පර­ණ­වි­තාන, මාර්ටින් වික්‍ර­ම­සිංහ ගුණ­ස­මරු පද­නම වෙනු­වෙන් මාලන් වික්‍ර­ම­සිංහ, සීතා­වක, කෝට්ටේ ප්‍රාදේ­ශීය ලේක­ම්වරු, සහ­කාර ප්‍රාදේ­ශීය ලේකම් ධම්මිකා සද්ධා­සේන, අවට පාසැ­ල්වල විදු­හ­ල්ප­ති­වරු, සංස්කෘ­තික නිල­ධා­රීන් වන ගයානි රණ­තුංග, නිශාන්ත ලිය­නගේ, ආපදා සහන සේවා නිල­ධාරි ගුණ­සේන කළු­ආ­රච්චි යන මහත්ම මහ­ත්මීන් කඩු­වෙල ප්‍රාදේ­ශීය ලේකම් කාර්‍යා­ලයේ සිය­ලුම කාර්‍ය මණ්ඩ­ලය ඇතුළු විශාල පිරි­සක් එක්ව සිටි අතර විකු­ම්සිහ ආව­ර්ජනා සාහිත්‍ය තර­ග­වල ජය­ග්‍රා­හක ජය­ග්‍රා­හි­කා­වන්ට තිළිණ සහ සහ­තික පත් බෙදා දීමද සිදු­විය. උලෙළ මෙහෙ­ය­වීම අරුණ විම­ල­සූ­රිය සහ ප්‍රියංකා නාහි­ටිය විසින් සිදු කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT