Home » පාසල් සිසුන්ට බසය නොනැ­වැත්වූ අලු­ත්ගම ඩිපෝවේ රියැ­දුරු කොන්දො­ස්ත­රගේ වැඩ තහ­නම්

පාසල් සිසුන්ට බසය නොනැ­වැත්වූ අලු­ත්ගම ඩිපෝවේ රියැ­දුරු කොන්දො­ස්ත­රගේ වැඩ තහ­නම්

by Gayan Abeykoon
November 7, 2024 1:00 am 0 comment

පොතු­පි­ටිය - සුමිත් ප්රේම­ති­ලක

පාසල් ළමුන් බස­යට නංවා­ගැ­නීම ප්‍රති­ක්ෂේප කළ රියැ­දුරු සහ කොන්දො­ස්ත­ර­ව­ර­යකු වැඩ තහ­න­ම­කට ලක්කළ බව කළු­තර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේ­ශීය කළ­ම­නා­කාර කාර්යා­ලය සඳ­හන් කළේය.

මෙසේ වැඩ තහ­න­මට ලක්ව ඇත්තේ අලු­ත්ගම – කොළඹ ධාව­නය වූ අලු­ත්ගම ඩිපෝ­වට අයත් අංක NC 0755 දරන බස් රථයේ සේවය කළ රියැ­දුරු සහ කොන්දො­ස්ත­ර­ව­ර­යාය. අලු­ත්ගම, මතු­ගම සහ කළු­තර ඩිපෝ­වට අයත් බස් රථ කළු­තර සහ වාද්දුව අතර රැඳී සිටින පාසල් ළමුන් නංවා ගැනීම කාල­යක සිට ප්‍රති­ක්ෂේප කරන බවට වත්මන් සභා­පති රමාල් සිරි­ව­ර්ධන මහ­තාට ලද තොර­තු­රක් මත එම ඩිපෝ­වල අධි­කා­රි­ව­රුන් පාසල් ළමුන් රැඳී සිටින බස් නැව­තු­ම්පො­ළ­වල රඳවා බස් රථ නව­ත්වන ලෙස ඔවුන්ට උප­දෙස් දී තිබිණ. ප්‍රධාන ප්‍රාදේ­ශීය කළ­ම­නා­කරු එම උප­දෙස් පරිදි කට­යුතු කර තිබේ. එහෙත් එදින පම­ණක් එම බසය නවත්වා පසුව නැවත නොන­වත්වා ධාව­නය කිරී­මට එම රියැ­දු­රන් කට­යුතු කර ඇති බවට වාර්තා වූ බව කළු­තර ලංගම උසස් නිල­ධා­රි­යකු පැව­සීය.

ඒ අනුව ඊයේ (6) නැවත ඩිපෝ අධි­කා­රි­ව­රුන් මෙන්ම ජංගම පරී­ක්ෂ­ක­ව­රුන් ද යොදවා පරික්ෂා කිරී­මේදී රියැ­දුරු සහ කොන්දො­ස්ත­ර­ව­රයා එම නිල­ධා­රීන් සමග ද බහි­න්බ­ස්වී­මක් සිදු කර­ගෙන තිබූ බව සඳ­හන් වේ. එහිදී රියැ­දුරු, Òමොකා කීවත් ආයේ නව­ත්වන්නේ නෑ, පුළු­වන් දෙයක් කරන්න.Ó යනු­වෙන් පවසා පිටව ගොස් ඇති බව ද වාර්තා වේ. සිද්ධිය ජංගම දුර­ක­තන දර්ශන සම­ගින් ලංගම නව සභා­පති රමාල් සිරි­ව­ර්ධන මහ­තාට සැල­කි­රී­මත් සමඟ අදාළ රියැ­දුරු සහ කොන්දො­ස්ත­ර­ව­රයා සේව­යෙන් පහ­කි­රී­මට පිය­වර ගත් බව කළු­තර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේ­ශීය කළ­ම­නා­කාර කාර්යා­ලය සඳ­හන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT