Home » කහ­ට­ග­ස්දි­ගි­ලිය පාස­ලක ගුරු නිවා­ස­යේදී අයිස් ගැසූ ගුරු­ව­ර­යෙක් යුද සෙබ­ළෙක් දැලේ

කහ­ට­ග­ස්දි­ගි­ලිය පාස­ලක ගුරු නිවා­ස­යේදී අයිස් ගැසූ ගුරු­ව­ර­යෙක් යුද සෙබ­ළෙක් දැලේ

පාසල ළඟ අයි­ස්ක්‍රීම් වෙළෙ­න්දාත් මාට්ටු

by Gayan Abeykoon
November 7, 2024 1:00 am 0 comment

කැබි­ති­ගො­ල්ලෑව සමූහ- එස්.ජී. උබේ­පාල

කහ­ට­ග­ස්දි­ගි­ලිය පඬ­රැ­ල්ලෑව ප්‍රදේ­ශයේ ප්‍රසිද්ධ පාස­ලක ගුරු­ව­ර­යකු තම ගුරු නිවා­ස­යේදී යුද හමුදා සෙබ­ළකු සමඟ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර­මින් සිටි­යදී සහ පාසල අසල අයි­ස්ක්‍රීම් වෙළෙ­ඳාම් කරන මුවා­වෙන් පාසල් සිසුන්ට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කර­මින් සිටි පුද්ග­ල­යකු දිවු­ල්වැව පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබිණ.

මෙ‍ෙලස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ පොලො­න්න­රුව ප්‍රදේ­ශයේ පදිංචි 30 හැවි­රිදි තාක්ෂ­ණික විෂය උග­න්වන ගුරු­ව­ර­ය­කුත්, වවු­නි­යාව යුද හමුදා කඳ­වු­ර­කට අනු­යු­ක්තව සේවය කරන කහ­ට­ග­ස්දි­ගි­ලිය, මීමි­න්නා­වල පදිංචි 25 හැවි­රිදි යුද හමුදා සෙබ­ළකු සහ මීමි­න්නා­වල ප්‍රදේ­ශ­යේම පදිංචි අයි­ස්ක්‍රීම් වෙළෙ­ඳාමේ නිරත වූ 32 හැවි­රිදි  පුද්ග­ල­යෙකි. දිවු­ල්වැව පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක බී.එම්.ඩබ්ලිව්. කෝදා­ගොඩ මහ­තාට පෙරේදා (5)දින රාත්‍රී 8.00ට පමණ ලද තොර­තු­රක් මත ස්ථානා­ධි­ප­ති­ව­රයා ඇතුළු පොලිස් කණ්ඩා­ය­මක් අදාළ පාසලේ ගුරු නිවා­සයේ වැට­ලී­මක් සිදු කර ඇත. එම අව­ස්ථාවේ මෙම ගුරු නිවා­සයේ නේවා­සි­කව සිටින ගුරු­ව­ර­යකු හා තවත් පුද්ග­ල­යකු අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කර­මින් සිට ඇති අතර, ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි­ග්‍රෑම් 20ක් පොලි­සිය විසින් සොයා­ගෙන තිබුණි. මෙම සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව ඔවු­න්ගෙන් කළ ප්‍රශ්න­කි­රීම් අනුව මෙම පාසල අසල අයි­ස්ක්‍රීම් වෙළෙ­ඳාම් කරන මුවා­වෙන් පාසල් සිසුන්ට අයිස් මත්ද්‍රව්‍ය අ‍ෙලවි කළ පුද්ග­ලයා ද අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඔහු සන්ත­කයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි­ග්‍රෑම් 20ක් ද පොලි­සිය සොයා­ගෙන තිබේ.

මෙම සැක­කරු කලක පටන් මෙම පාසල අසල අයි­ස්ක්‍රීම් වෙළෙ­ඳාම් කරන මුවා­වෙන් සිසුන්ට මත්ද්‍රව්‍ය අ‍ෙලවි කර ඇති බවත්, මීට ඉහ­ත­දීත් පොලිස් අත්අ­ඩං­ගු­වට පත්වූ පුද්ග­ල­යකු බවත් පොලි­සිය පැව­සීය. සැක­ක­රු­වන් දිවු­ල්වැව පොලිස් අත්අ­ඩං­ගුවේ පසු­වන අතර, ඔවුන් කහ­ට­ග­ස්දි­ගි­ලිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට
නිය­මි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT