මිල කරන්න බැරි තරම් වටිනා ඔස්ට්‍රේලියානු පුරවැසිකමත් අත්හැර දේශපාලනයට ආවේ රටටත්, දරුවන්ටත්, විශේෂයෙන් ක්‍රීඩාවටත් වැඩක් කරන්න ඕන නිසා බව එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක තිලකරත්න ඩිල්ෂාන් මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ කළුතර, වාද්දුව මහජන ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් ඒ මහතා මෙසේ ද කීවේය.
“මට දේශපාලනයට එන්න තිබුණේ 2015දී. එහෙම ආවා නම් අද මට මෙතැනට ඇවිත් මෙහෙම කතා කරන්න ලැබෙන්නේ නෑ. ඒකට හේතුව පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම හොරු කියලා තමයි එදා රටේ හැමෝම කිව්වේ. වාසනාවට මම එයින් නිදහස් වුණා. දැන් අපට හොඳ අවස්ථාවක් ඇවිත් තියෙනවා රටට, විශේෂයෙන්ම දරුවන්ගේ අනාගතයට වැඩක් කරන්න.
මගේ එකම බලාපොරොත්තුව මේ රටේ ක්‍රීඩාව දියුණු කිරීම. ක්‍රිකට් ක්‍රීඩාවෙන් පාසල් දරුවන් වෙනුවෙන් මට විශාල මෙහෙයක් කරන්න පුළුවන්. වොලිබෝල්, නෙට්බෝල්, එල්ලේ කියන මේ සෑම ක්‍රීඩාවක්ම දියුණු කරන්නත්, ඒ සඳහා පවතින අඩුපාඩු සොයා බලා ඒවාට විසඳුම් දෙන්නත් අවශ්‍ය සැලසුම් මේ වෙනකොට සකස් කරමින් ඉන්නවා. අධ්‍යාපනයෙන් වගේම ක්‍රීඩාවෙන් ද දක්ෂ දරුවන් බිහිකර ඔවුන් ජාතික තලයට ගෙන යෑමේ වැඩපිළිවෙළක් මම මේ වෙන කොට සකස් කරගෙන යනවා. ඒ පිළිබඳ සියලු තොරතුරු ඉදිරියේදී මගේ සංවිධායකවරුන් හරහා ඔබලාට දැන ගන්න පුළුවන්.
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ ජාතික සංවිධායක හැටියටත්, කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා හැටියටත් මට පක්ෂයෙන් විශාල ශක්තියක් දී තියෙනවා. ඒ නිසා මට කාගෙන්වත් අහන්නේ නැතුව නිදහසේ වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ ශක්තිය මේ රටේ දරුවන්ගේ අනාගතය ලස්සන කරන්න මවුපිය සහායත් ගෙන විශාල වැඩකොටසක් කරන්න පුළුවන්.”