Home » ඇතැ­මුන් සිල්ලර සටන් පාඨ­ව­ලින් ආණ්ඩු­වට පහර ගහ­නවා

ඇතැ­මුන් සිල්ලර සටන් පාඨ­ව­ලින් ආණ්ඩු­වට පහර ගහ­නවා

ජාතික ජන බල­වේ­ගයේ අනු­රා­ධ­පුර දිස්ත්‍රික් අපේ­ක්ෂක වසන්ත සම­ර­සිංහ

by Gayan Abeykoon
November 7, 2024 1:07 am 0 comment

අමිල ප්රභාත් වන­සිංහ අනු­රා­ධ­පුර අති­රේක

වන සතු­න්ගෙන් බෝග සහ නිෂ්පා­දන ආරක්ෂා කර ගනි­මින් නිෂ්පා­දන ආර්ථික ක්‍රම­යක් පිළි­බඳ සාක­ච්ඡා­වක ජාතික ජන බල­වේ­ගය ආණ්ඩුව කට­යුතු කර­මින් සිටින බවත්, විපක්ෂ කණ්ඩා­යම් සහ ඇතැම් මාධ්‍ය මඟින් සිල්ලර සටන් පාඨ­ව­ලින් වත්මන් ආණ්ඩු­වට පහර ගස­මින් සිටින බවත් ජාතික ජන බල­වේ­ගයේ අනු­රා­ධ­පුර දිස්ත්‍රික් අපේ­ක්ෂක වසන්ත සම­ර­සිංහ මහතා සඳ­හන් කළේය.

ඒ මහතා මේ බව පැවැ­සුවේ පසු­ගි­යදා මිහි­න්ත­ලයේ පැවැති ජන හමු­ව­ක­දීය.

“ලෝකයේ කුඩාම ආණ්ඩුව ලෙස ආර්ථි­කය කළ­ම­නා­ක­ර­ණය කර­මින් ජාතික ජන බල­වේ­ගය ආණ්ඩුව කට­යුතු කර­මින් සිටි­නවා. වසර 76කට පසුව ඇති වූ දේශ­පා­ලන පරි­ව­ර්ත­න­යෙන් වලව් දේශ­පා­ල­නය අව­සන් කළො. මහ මැති­ව­ර­ණ­යෙන් පසු­වත් ජාතික ජන බල­වේ­ගයේ ශක්ති­මත් ආණ්ඩු­වක් වෙනු­වෙන් ඡන්දය ප්‍රකාශ කිරී­මට ජන­තාව බලා සිටි­නවා.

උතුරේ ටී.එන්.ඒ. පක්ෂය ඇතුළු දෙමළ පක්ෂ ජාතික ජන බල­වේ­ග­යට විරු­ද්ධව කඳ­වුරු බඳි­මින් නැඟෙ­න­හිර හකීම් සහ බදි­යු­දීන්ගේ කණ්ඩා­යම් සජිත් සහ රනිල්ට ඡන්දය දෙන කොට වතු­ක­රයේ තොණ්ඩ­මන්, මනෝ ගනේ­ෂන්ගේ රාජ­ධා­නියේ ද දමිළ සහ මුස්ලිම් තරුණ තරු­ණි­යන් මෙවර මාලි­මා­වට ඡන්දය ප්‍රකාශ කළා.

අද පව­තින තාව­කා­ලික ආණ්ඩුව වෙනු­වට මහ මැති­ව­ර­ණ­යෙන් පසුව ජාතික ජන බල­වේ­ගය ශක්ති­මත් ආණ්ඩු­වක් නිර්මා­ණය කර­මින් රටේ සිදු වූ දැවැන්ත දූෂණ පිළි­බ­ඳව පරී­ක්ෂණ සිදු­කොට එම දූෂි­ත­යන්ට විරු­ද්ධව නීතිය නිසි­යා­කා­රව ක්‍රියා­ත්මක කර­නවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT