වන සතුන්ගෙන් බෝග සහ නිෂ්පාදන ආරක්ෂා කර ගනිමින් නිෂ්පාදන ආර්ථික ක්‍රමයක් පිළිබඳ සාකච්ඡාවක ජාතික ජන බලවේගය ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, විපක්ෂ කණ්ඩායම් සහ ඇතැම් මාධ්‍ය මඟින් සිල්ලර සටන් පාඨවලින් වත්මන් ආණ්ඩුවට පහර ගසමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා මිහින්තලයේ පැවැති ජන හමුවකදීය.
“ලෝකයේ කුඩාම ආණ්ඩුව ලෙස ආර්ථිකය කළමනාකරණය කරමින් ජාතික ජන බලවේගය ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. වසර 76කට පසුව ඇති වූ දේශපාලන පරිවර්තනයෙන් වලව් දේශපාලනය අවසන් කළො. මහ මැතිවරණයෙන් පසුවත් ජාතික ජන බලවේගයේ ශක්තිමත් ආණ්ඩුවක් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව බලා සිටිනවා.
උතුරේ ටී.එන්.ඒ. පක්ෂය ඇතුළු දෙමළ පක්ෂ ජාතික ජන බලවේගයට විරුද්ධව කඳවුරු බඳිමින් නැඟෙනහිර හකීම් සහ බදියුදීන්ගේ කණ්ඩායම් සජිත් සහ රනිල්ට ඡන්දය දෙන කොට වතුකරයේ තොණ්ඩමන්, මනෝ ගනේෂන්ගේ රාජධානියේ ද දමිළ සහ මුස්ලිම් තරුණ තරුණියන් මෙවර මාලිමාවට ඡන්දය ප්‍රකාශ කළා.
අද පවතින තාවකාලික ආණ්ඩුව වෙනුවට මහ මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගය ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කරමින් රටේ සිදු වූ දැවැන්ත දූෂණ පිළිබඳව පරීක්ෂණ සිදුකොට එම දූෂිතයන්ට විරුද්ධව නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරනවා.”