Home » වස­ර­කින් අපි නැව­තත් රටේ පාල­නය භාර ගන්නවා

වස­ර­කින් අපි නැව­තත් රටේ පාල­නය භාර ගන්නවා

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ නුව­ර­එ­ළිය දිස්ත්‍රික් අපේ­ක්ෂක කේ. කේ. පිය­දාස

by Gayan Abeykoon
November 7, 2024 1:06 am 0 comment

වත්මන් ආණ්ඩුව ඉදි­රි­ය­ටත් රට පාල­නය කරන්නේ පසු­ගිය දින 42ක කාලයේ සිදු කළ ආකා­ර­යට නම් තවත් වස­ර­කින් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රමුඛ ගෑස් සිලි­න්ඩ­රයේ කණ්ඩා­ය­මට මෙරට පාල­නය භාර ගැනී­මට සිදු වන බව නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ නුව­ර­එ­ළිය දිස්ත්‍රික් අපේ­ක්ෂක කේ.කේ. පිය­දාස මහතා පැව­සීය.

ඒ මහතා මේ අද­හස් පළ කළේ ඉකුත්දා (04) මස්කෙ­ළිය නග­රයේ පැවති මැති­ව­රණ ප්‍රචා­රක කට­යු­තු­ව­ලට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැව­සීය.

“අනුර කුමාර දිසා­නා­යක ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන යන පාල­නය දෙස බලන විට රට ඉදි­රි­යට ගෙන යෑමට ඔවුන්ට නිසි වැඩ­පි­ළි­වෙ­ළක් සහ දර්ශ­න­යක් නැති බව පැහැ­දි­ලියි. දිනෙන් දින රට අගා­ධ­යට ගමන් කර­මින් තිබෙ­නවා. මේ තත්ත්වය මත යළිත් මාස හයක් ගත වන විට රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට රට භාර ගැනී­මට සිදු වෙනවා. මෙහෙම කියන්නේ ජනා­ධි­පති පන්නන්න ඕන කියන කුහක පද­න­ම­කින් නොවෙයි. එවැනි දේශ­පා­ල­න­යක අපි නෑ. හැබැයි අපට රට පිළි­බ­ඳව හැඟී­මක් තියෙ­නවා.

මෙරට ආර්ථික අර්බු­දය සම්බ­න්ධව අපට කට­යුතු කරන්න තියෙන්නේ ගෝලීය ප්‍රජා­වත් සම­ඟයි. පැරිස් සමා­ජය, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල, චීනය, ඉන්දි­යාව සමඟ කට­යුතු කරන ආකා­රය ගැන සාකච්ඡා කර­මින් ඉදි­රි­යට යන්න තිබෙ­නවා. සාමා­න්‍ය­යෙන් මෙරට නාය­ක­යෙක් පත්වු­ණාම ඉන්දි­යා­වට ගිහින් එහි නාය­කයා හමු­වෙ­නවා.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT