161
සෑම වසරකම නොවැම්බර් මස 7 වැනි දා “වෛද්‍ය භෞතික විද්‍යා” විෂය ක්ෂේත්රය සැමරීමේ ජාත්‍යන්තර දිනය ලෙස සැළකේ.
1867 වසරේ නොවැම්බර් 07 වැනි දින උපත ලද නොබෙල් ත්‍යාගලාභී කීර්තිමත් විද්‍යාඥවරියක් වූ මාරි කියුරි මහත්මිය සිහිපත් කරමින් මෙම දිනය ඇයට උපහාර පිණිස වෙන්කර ඇත.
2013 වසරේ පළමු වෛද්‍ය භෞතික විද්‍යා දින සැමරුමේ සිට මේ දක්වා සෑම වසරකම වෛද්‍ය භෞතික විද්‍යා දින සැමරුමක් සඳහාම වෛද්‍ය භෞතික විද්‍යාවේ විවිධ විෂයය ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීම සහ සැමරීම උදෙසා යම් නිශ්චිත තේමාවක් තෝරා ගනු ලැබේ.
මෙම වසරේ වෛද්‍ය භෞතික විද්‍යා දිනයේ තේමාව වන්නේ “Inspiring the Next Generation of Medical Physicists” යන්නයි.