බදුල්ල මහියංගන මාර්ගයේ දුන්හිඳ අඹගහඔය ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ බස්රථ අනතුරෙන් දෙදෙනෙකු මියගොස් හතළිස්දෙනෙකුට බරපතළ තුවාල සිදුවිය.
එම සිද්ධියේදී අනතුරින් තුවාල ලැබූවන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට උදව් උපකාර කළ අයට ප්‍රශංසා සහතික පිරිනැමීම ඊයේ (06) ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ජේ.එම් කපිල ජයසේකර මහතා විසින් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කෙරිණි.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් අධ්‍යයන චාරිකාව සඳහා ගොස් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවිය.
මෙහිදී තුවාලකරුවන් රෝහල් ගතකිරීම ප්‍රතිකාරකිරීමට කටයුතු කළ අයට,ඔවුන්ගේ ඥාතීන්ට හෝටල් සහ නවාතැන් පහසුකම් සැපයූ ආයතන වලට,බදුල්ල ශික්ෂණ රෝහලට,ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය,සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට ඔවුන්ගේ සේවය අගයමින් මෙසේ ප්‍රශංසා සහතික පිරිනමා තිබෙයි.